
මහින්ද චින්තන ප්‍රතිපත්ති ප්‍රකාශයේ සඳහන් මිනිසා ගොඩනගා පවුල රකින්නත්, පවුල ගොඩනගා ගම රකින්නත්, ගම ගොඩනගා රට නගන්නත්, රට නගා ලොව දිනන්නත් යන සංකල්පය අනුව යමින් ආර්ථික සංවර්ධන අමාත්‍යාශය මගින් දිවි නැගුම නමින් ජාතික ව්‍යාපාරයක් දීප ව්‍යාප්තව ආරම්භ කිරීමට කටයුතු කරනු ලැබීය.
-
නිරෝගී හා ආර්ථික වශයෙන් සවිබල ගැන්වූ සමෘද්ධිමත් පවුල නිර්මාණය කිරීම මෙම වැඩසටහනේ එක් අරමුණකි. දිවයිනේ සියළුම ගම්මාන ආවර්ණය වන පරිදි ගෙවතු , සත්ව පාළනය , ධීවර සහ ගෘහ කර්මාන්ත යන අංශයන්ගෙන් සමන්මිත ගෘහ ආර්ථික ඒකක විසිපන් ලක්ෂයක් ඇති කිරීම මෙම වැඩසටහනේ මෙහෙවර වේ.
සම්පත් දායකත්වය - ආර්ථික සංවර්ධන අමාත්‍යාංශයේ මූලිකත්වයෙන් මුදල් අමාත්‍යාංශය, සම්ප්‍රදායික කර්මාන්ත හා කුඩා ව්‍යවසාය සංවර්ධන අමාත්‍යාංශය, තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍යාංශය, කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යාංශය, යෞවන කටයුතු හා නිපුණතා සංවර්ධන අමාත්‍යාංශය, රාජ්‍ය සම්පත් හා ව්‍යවසාය සංවර්ධන අමාත්‍යාංශය
පළමු අදියර 2011 මාර්තු 12 වන දින දිවයින පුරා ගෙවතු දස ලක්ෂයක් ආරම්භ කරමින් සිදු කෙරුණි.
දෙවන අදියර 2011 ඔක්තෝබර් 27 වන දින දීප ව්‍යාප්තව බීජ හා පැල රෝපණය කරමින් ගෙවතු විසි එක් ලක්ෂයේ ඉලක්කය සපුරා ගැනීම සිදු කෙරුණි.
-
තෙවන අදියර 2012 අප්‍රේල් 05 දින ගෙවතු විසි පන් ලක්ෂයේ ඉලක්කය සපුරමින් බීජ බෙදා හැරීම හා පැල රෝපනය සමඟ ඇරඹීමට නියමිතයි.
දිවි නැගුම තේමා ගීතය
දිවි නැගුම පිළිබඳ අධ්‍යාපනික වැඩසටහන
Gallery




