සංචාරක උදානය ප්‍රදර්ශනය මෙවරත්
[2013.06.18]
සංචාරක උදානය වාර්ෂික ප්‍රදර්ශනය ශ්‍රී ලංකා සංචාරක මගපෙන්වන්ගේ සංගමය අනුග්‍රහයෙන් ඉකුත් ජුනි 14වනදා ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්‍ෂ මහතාගේ ප්රධානත්වයෙන් කොළඹ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්විණි.
වැඩි තොරතුරු
සමස්ත ලංකා තරුණ මුස්ලිම් සංගමයේ 63වන සංවත්සරය ඇමති බැසිල් ප‍්‍රධානත්වයෙන්
[2013.0616]
සමස්ත ලංකා තරුණ මුස්ලිම් සංගම් සමුළුවේ 63 වන සංවත්සරය පසුගියදා (16) ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්‍ෂ මහතාගේ ප්රධානත්වයෙන් කොළඹ බණඩාරනායක සම්මන්ත‍්‍රණ ශාලාවේදී පැවැත්විණි.
වැඩි තොරතුරු
දැයට කිරුළෙන් කෑගල්ල කුරුණැගල සහ පුත්තලම දිස්ති‍්‍රක්කවල සියළු නිවාස ජාත්‍යන්තර නිර්ණායකයන්ට අනුව ඉසුරුමත් නිවහන් බවට පත්කරනවා.
[2013.06.12]
දැයට කිරුළ 2014 වැඩසටහනට සමගාමිව කෑගල්ල සහ කුරුණැගල දිස්ති‍්‍රක්කවල සියළු නිවාස ජාත්‍යාන්තර නිර්ණායකයන් යටතේ ඉසුරුමත් නිවහන් බවට පත් කිරීමට පියවර ගන්නා බව ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා පැවසීය.
වැඩි තොරතුරු
ආයෝජනයට සුදුසුම රටවල් අතරින් ශ‍්‍රී ලංකාවට ඉහළ තැනක් හිමි වෙනවා
[2013.06.10]
වසර කිහකට අධික කාලයක් පැවති යුද්ධය අවසන් කිරීමෙන් පසු ශ‍්‍රී ලංකාව තුළ ඉතා සාමකාමී වාතාවරණයක් සහ ශක්තිමත් දේශපාලන ස්ථාවරත්වයක් පවතින හෙයින් ආයෝජන කටයුතු සඳහා සුදුසුම රටක් බවට ශ‍්‍රී ලංකාව පත්ව ඇතැයි ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා පැවසීය.
වැඩි තොරතුරු
“සහභාගිත්ව සංවර්ධනයක් තුළින් දැයට කිරුළ 2014 ජන බලගන්වනවා” කුරුණෑගල සහ කෑගල්ලේ ජනහමු 10ක් අමතමින් ඇමති බැසිල් කියයි
[2013.06.09]
ජනතාව සහභාගි කරගන්නා සංවර්ධනයක් දැයට කිරුළ 2014 ජාතික සංවර්ධන වැඩසටහනින් සිදුවිය යුතු බවද ජනතා සහභාගිත්වයක් නොමැතිව ඔවුන්ගෙන් තොර සංවර්ධනයක් සිදුකිරීම රජයේ දැක්ම නොවන බවද ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා ප්රකාශ කළේය.
වැඩි තොරතුරු
ශ‍්‍රී ලංකාව පිළිබඳව ගෙන යන වැරදි ප‍්‍රචාර පිළිබඳව ඉන්දීය රජයත් ජනතාවත් දැනුවත් කරනවා – ඉන්දීය භාරතීය ජනතා පක්‍ෂයේ ශ‍්‍රී රවී සන්කර් ප‍්‍රසාද් ඇමති බැසිල් හමුවේ පවසයි
[2013.06.08]
ශ‍්‍රී ලංකාවේ උතුරු ප‍්‍රදේශයේ සිදු කර ඇති දැවැන්ත සංවර්ධනය තමා දුටු බවත් ජාති භේදයකින් තොරව ඉතා උසස් මට්ටමින් පවත්වාගෙන යනු ලබන එම ක‍්‍රියාවලිය පිළිබඳව ඉන්දීය රජයත් ජනතාවත් දැනුවත් කරන බවත් ඉන්දීය භාරතීය ජනතා පක්‍ෂයේ ශ‍්‍රී රවී සන්කර් ප‍්‍රසාද් මහතා පැවසීය. ශ‍්‍රී ලංකාව පිළිබඳව ඇතැම් සාවද්‍ය ප‍්‍රචාරයන් නිසා ඉන්දියානුවන් තුළ පවතින දුර්මතය ඉන් ඉවත් කිරීමට හැකි උපරිම උත්සාහය තම කණ්ඩායම විසින් ගන්නා බවත් ඔහු කියා සිටියේය. ශ‍්‍රී ලංකාව සහ ඉන්දියාව අතර වඩාත් ශක්තිමත් සහ නොබිදෙන සුඃඵ ආර්ථික සම්බන්ධතාවයක් පවත්වාගෙන යාම අත්‍යවශ්‍ය බවද ඒ මහතා ප්රකාශ කළේය.
වැඩි තොරතුරු
ලක්‍ෂ 35 ක් පමණ වු සමෘද්ධි ප‍්‍රතිලාභින් සඳහා රජයෙන් දෙන සියළු ප‍්‍රතිලාභ පෙර ගෙවුම් කාඩ් පත් මගින් ලබාදෙනවා.
[2013.06.07]
ලක්‍ෂ 35 ක් පමණ වු සමෘද්ධි ප‍්‍රතිලාභින් සඳහා පෙර ගෙවුම් කාඩ් පත් ලබාදී ඒ හරහා රජයෙන් දෙන සියළු ප‍්‍රතිලාභ ලබාදීමට පියවර ගන්නා බවත්, ඒම පෙර ගෙවුම් කාඩ් පතට හිමි මුදලින් යම් ප‍්‍රමාණයක් ප‍්‍රවහාන වියදම් සඳහා වෙන් කිරීමට කටයුතු කරන බවත් ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා පැවසීය.
වැඩි තොරතුරු
සුළු ඇගලූම් කර්මාන්ත ව්‍යවසායකයින් දිරි ගැන්වීමට හැකි සෑම පියවරක්ම ගන්නවා
[2013.06.07]
ශ‍්‍රී ලංකාවේ නිපදවන ඇගලූම්වලට ලොව ඉහළ ඉල්ලූමක් පවතින හෙයින් එම ඉල්ලූමට අවශ්‍ය සැපයුම ලබාදීමට නම් මහා පරිමාණයේ ඇගලූම් කර්මාන්තකරුවන් මෙන්ම සුළු හා මධ්‍යම ප‍්‍රමාණයේ ඇගලූම් කර්මාන්තකරුවන්ද නගාසිටුවීම අවශ්‍ය බවත් ඒ සඳහා පියවර ගැනීමට රජය සූදානම් බවත් ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්‍ෂ පැවසීය.
වැඩි තොරතුරු
පාකිස්ථානයේ උසස් රාජ්‍ය නිළධාරීන් කණ්ඩායමක් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා හමුවේ
[2013.06.06]
ශී‍්‍ර ලංකාවේ දිලිදු බව තුරන්කිරීම සහ සංවර්ධන ප‍්‍රවේශය සඳහා රජය ගෙන ඇති කි‍්‍රයා මාර්ග පිළිබඳව හැදැරීම මුල් කරගනිමින් මෙම පිරිස ශී‍්‍ර ලංකාවට පැමිණ තිබේ.
මෙහිදි අදහස් දැක්වු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා සඳහන් කලේ ශී‍්‍ර ලංකා රජය මගින් මෙරට දිලිදු බව තුරන් කිරීම සඃදහා වැඩසටහන් රැසක් කි‍්‍රයාත්මක කර ඇති බවය. අත්යන්ත‍්‍ර රෙදිපිලි, අත්කම් භාණඩ නිෂ්පාදනය වැනි කුඩා කර්මාන්ත ගම් මට්ටමින් සංවර්ධනය කිරීම, දිවි නැගුම ගෙවතු වගාව ගෘහ මට්ටමින් ඇතිකිරීම, අවිධිමත් ලෙස තිබු පදික වෙළදාම සඳහා වෙනම ස්ථාන වෙන්කිරීම, සංචාරක වෙළඳාම විදිමත් කිරිම, ආහාර සුරක්‍ෂිතතාව සහ ආහාරවලින් ස්වයං පෝෂිත කිරීම, යටිතල පහසුකම් සංවර්ධනය වැනි අංශ සංවර්ධනය කිරීමට පියවර ගත් බවද මෙහිදි අමාත්‍යවරයා පෙන්වා දුන්නෙය.
වැඩි තොරතුරු
නවසිලන්ත විදේශ අමාත්‍ය මුරේ මැක්කලී මහතා අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා හමුවේ
[2013.06.06]
නවසිලන්ත විදේශ අමාත්‍ය මුරේ මැක්කලී මහතා සහ ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා අතර හමුවක් අද (05) ආර්ථික සංවර්ධන අමාත්‍යාංශයේදී සිදුවිය.
වැඩි තොරතුරු























