ආර්ථික සංවර්ධන අමාත්‍යංශය

සංචාරක උදානය ප්‍රදර්ශනය මෙවරත්
සංචාරක උදානය වාර්ෂික ප්‍රදර්ශනය ශ්‍රී ලංකා සංචාරක මගපෙන්වන්ගේ සංගමය අනුග්‍රහයෙන් ඉකුත් ජුනි 14වනදා ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්‍ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්විණි.

(Pix’s by Sudath Nishantha)

සමස්ත ලංකා තරුණ මුස්ලිම් සංගමයේ 63වන සංවත්සරය ඇමති බැසිල් ප‍්‍රධානත්වයෙන්
සමස්ත ලංකා තරුණ මුස්ලිම් සංගම් සමුළුවේ 63 වන සංවත්සරය පසුගියදා (16)  ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්‍ෂ මහතාගේ ප‍්‍රධානත්වයෙන් කොළඹ බණඩාරනායක සම්මන්ත‍්‍රණ ශාලාවේදී පැවැත්විණි.

ශ‍්‍රී ලංකාව පුරා පැවති තරුණ මුස්ලිම් සමිති ඒකරාශි කර ගනිමින් 1950 වසරේදී මෙම තරුණ මුස්ලිම් සංගමය පිහිටුවා ඇති අතර මේ වන විට එහි ශාඛා 104 ක් රට පුරා ව්‍යාප්තව තිබේ. සමාජිකත්වය දරණ සාමාජිකයින්ගේ ප‍්‍රමාණය 10000 ක් පමණ වේ.

මෙම සංගමය විසින් වාර්ෂිකව සමාජ සේවා කටයුතු සිදු කරනු ලැබූ පුද්ගලයින් දෙදෙනෙකුට උපහාර සම්මාන පිරිනමනු ලබන අතර 2013 වසරේදී එම සම්මාන හිමිවූ සම් ජෙම්ස් අධිපති රිෆයි සහ මාධ්‍යවේදී ලතීෆ් ෆාරුක් යන මහත්වරුන් අමාත්‍ය බැසිල් බැසිල් රාජපක්‍ෂ මහතාගේ අතින් එම සම්මාන ලබාගත් අයුරු ඡායාරූපයේ දැක්වේ.

මෙම අවස්ථාවට ජ්‍යෙෂ්ඨ අමා්‍ය ඒ. එච්. එම්. ෆව්සි, නීතිපති පාලිත ප‍්‍රනාන්දු, සමස්ත ලංකා තරුණ මුස්ලිම් සංගම් සමුළුවේ සභාපති කේ. එන්. ඞීන්, ලේකම් රස්මාරා අබ්ධීන් යන මහත්වරු ඇතුළු සාමාජිකයන් පිරිසක් රැස්ව සිටියහ.

(Pix’s by Sudath Nishantha)

දැයට කිරුළෙන් කෑගල්ල කුරුණැගල සහ පුත්තලම දිස්ති‍්‍රක්කවල සියළු නිවාස ජාත්‍යන්තර නිර්ණායකයන්ට අනුව ඉසුරුමත් නිවහන් බවට පත්කරනවා.
දැයට කිරුළ 2014 වැඩසටහනට සමගාමිව  කෑගල්ල සහ කුරුණැගල දිස්ති‍්‍රක්කවල සියළු නිවාස  ජාත්‍යාන්තර නිර්ණායකයන් යටතේ ඉසුරුමත් නිවහන් බවට පත් කිරීමට පියවර ගන්නා බව ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා පැවසීය.

අමාත්‍යවරයා සඳහන් කලේ නිවසක් ස්තීර වහලක්, ස්තීර බිත්ති, වැසිකිලික්, පානිය ජලය සහ විදුලිය යන අංග පහෙන් සමන්විත වීම ඉසුරුමත් නිවසක් ලෙස ජාත්‍යන්තරව පිලිගන්නා බවත්, මෙම යටිතල පහසුකම් සහ අවශයතා සියල්ල මෙම දිස්ති‍්‍රක්ක තුල සම්පුර්ණ කිරීමට කටයුතු කරන බවත්ය.

8 වන දැයට කිරුළ සංවර්ධන  සමගාමිව කෑගල්ල, කුරුණෑගල, සහ පුත්තලම යන දිස්ත‍්‍රික්ක වලට අයත්  ග‍්‍රාම සේවා වසම් 2731 ක  පැවැත්වීමට නියමත ජනබල ගැන්වීමේ ජංගම හමු පිළිබඳව කෑගල්ල හා කුරුණැගල දිස්ත‍්‍රික්කවල ග‍්‍රාමිය මට්ටමේ රාජ්‍ය නිළධාරීන් සහ ප‍්‍රජා නායකයින් දැනුවත් කිරිම සඳහා ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාශ මට්ටමින් ඉකුත් 12 කෑගල්ල දිස්ත‍්‍රික්කයේදී පැවති ජනහමු 05ක් අමතමින් අමාත්‍යවරයා මෙම අදහස් පැවසීය. ඒ පිළිබඳව සහ දැයට කිරුළ සංවර්ධන වැඩසටහන පිලිබඳව එම දිස්ති‍්‍රක්කයන්හි මහජන නියෝජිතයින්, රාජ්‍ය නිළධාරින් සහ ප‍්‍රජා නායකයන් දැනුවත් කිරීමේ වැඩසටහන යටතේ ජුනි 08 සිට 16 දක්වා මසදී පැවැත්වෙන ජනහමු 34 එක් අදියරක් වශයෙන් මෙය පැවැත්විණි.

කුරුණෑගල දිස්ත‍්‍රික්කය තුළ ජනගහනය 16,00000ක් වන අතර කැගල්ල දිස්ත‍්‍රික්කය තුළ ජනගහනය 759, 776ක්ද පුත්තලම දිස්ත‍්‍රික්කය තුළ ජනගහනය 836,603ක්ද වේ. ඔවුන්ගේ අවශ්‍යතාවලට ප‍්‍රමුඛත්වය දෙමින් පුද්ගලයා පවුල සහ ගම පදනම් කරගනිමින් දැයට කිරුළ වැඩ සටහනට සමගාමිව සියලූම සංවර්ධන කටයුතු සිදු කිරීමට නියමිත අතර ග‍්‍රාම සේවා වසම් මට්ටමින්ම එම අවශ්‍යතා හදුනා ගැනීම හා ඒවාට පිලියම් යෙදිම සඳහා   ජන බල ගැන්වීමේ ජංගම සේවා සෑම ග‍්‍රාම සේවා වසමකම පැවැත්වීමට නියමිය.

මෙම දැනුවත් කිරීමේ වැඩසටහන්  ජුනි මස 16 වන දින දක්වා පැවැත්වීමට නියමිතය අතර එම සෑම ග‍්‍රාමසේවා වසමකම ජනබල ගැන්වීමේ ජංගම හමු ජූලි මස 01 වන දින සිට සැප්තැම්බර් මස මැද වන තෙක් පැවැත්වීමට සැළසුම් කර තිබේ.

මෙහිදි අදහස් දැක්වු අමාත්‍ය බැසිල් රාජපක්‍ෂ මහතා ප‍්‍රකාශ කලේ මෙම ජංගම හමුවලදී පුද්ගලයා හා පවුල ආශ‍්‍රිතව ලැබෙන ගැටළු විසදීම, පොදු ප‍්‍රශ්නවලට විසදුම් ලබාදීම, ගැටළුවලට අදාල ක්‍ෂෙත‍්‍ර පරික්‍ෂාව, වෛද්‍ය සායන සහ ග‍්‍රාමීය මට්ටමේ නිළධාරීන්ගේ සේවාව පිළිබඳව ජනතාව දැනුවත් කිරීමට එම නිළධාරීන්ට අවස්ථාව ලබාදීම යන කරුණු වලට මූලිකත්වය ලබාදෙන බවය.

එම ස්ථානයේදී විසදුම් ලබාදිය නොහැකි ප‍්‍රශ්න මැතිවරණ කොට්ඨාශ මට්ටමින් පැවැත්වෙන ජංගම හමුවලට යොමු කරනු ලබන අතර මැතිවරණ කොට්ඨාශ මට්ටමින් පැවැත්වෙන ජනහමුවලදීද විසදිය නොහැකි ප‍්‍රශ්නවලට දැයට කිරුළ ප‍්‍රදර්ශනය පවත්වනු ලබන දිනවලදී පැවැත්වීමට නියමිත ජංගම හමුවලදී විසදුම් ලබාදෙන බව ද අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා මෙහිදි ප‍්‍රකාශ කළේය.

ග‍්‍රාමීය මට්ටමින් පවත්වනු ලබන ජංගම හමුවලදී සෞඛ්‍ය සායන පැවැත්වීම, ඇස් කණ්ණාඩි බෙදාදීම, හැදුනුම්පත් නිකුත් කිරීම, නළ ලිං ප‍්‍රතිසංස්කරණය කිරීම, ග‍්‍රාමීය මාර්ග සැකසීම, වාරි මාර්ග නඩත්තුව සහ ප‍්‍රතිසංස්කරණ කටයුතු සිදු කිරීම, ඉඩම් ඔප්පු සම්බන්ද ගැටළු විසදීම, විදුලිය ලබාදීම යනාදී වැඩසටහන් රැසක්ද කි‍්‍රයාත්මක කිරීමට නියමිත අතර ජනතාවගේ ආර්ථිකය දියුණු කිරීම සඳහා වැඩසටහන්  ක‍්‍රියාත්මක කිරීමටද පියවර ගැනේ.

මෙම වැඩ පිලිවෙලට සමගාමිව ජනතාවට අවශ්‍ය භෞතික දියුණුව මෙන්ම සදාචාරාත්මක සංවර්ධනයද ඇති කිරීමට කටයුතු සංවිධානය කළ යුතු බවත්, ඒ සඳහා මහ සංඝරත්නය ඇතුළු පුජ්‍ය පක්‍ෂයේ මැදිහත් වීම අවශ්‍ය බවත් අමාත්‍යවරයා පෙන්වාදුන්නෙය.

කුරුණෑගල, කෑගල්ල සහ පුත්තලම යන  දිස්ත‍්‍රික්ක තුන සංවර්ධනය කිරීමේදී එක් එක් දිස්ත‍්‍රික්කයන්හි පවත්නා විශේෂතා හදුනාගෙන ඒවා පිළිබඳව විශේෂ අවධානය යොමුකරමින් එම කාලපරිච්ඡේදය තුළ විශේෂ ඉලක්කයක් ඇතිව සංවර්ධන කටයුතු සැලසුම් කළ යුතු බව ප‍්‍රකාශ කළ අමාත්‍යවරයා ඒ සඳහා සෘජු දායකත්වය දැයට කිරුළ හරහා ලබාදෙන බවත් කියා සිටියේය.

ප‍්‍රාදේශ මට්ටමින්  සාර්ථක වැඩසටහන් හදුනාගෙන ඇතිවූ දුර්වලතා මග හැර ජනතාවට වඩාත් වැඩි සේවාවක් සිදුවන ආකාරයේ ව්‍යාපෘති කි‍්‍රයාත්මක කරමින් 2014 වසරේ දැයට කිරුළ ඉතා සාර්ථකව සිදු කරන ආකාරය පිළිබඳව අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා මෙහිදී ග‍්‍රාමිය නිලධාරීන් සහ ප‍්‍රජා නයකයන් දැනුවත් කළේය.

මෙම රැස්වීම් මාලාව සඳහා ජ්‍යෙෂ්ඨ අමාත්‍ය අතාවුද සෙනෙවිරත්න මැතිතුමා, අමාත්‍ය ජගත් බාලසූරිය, පළාත් ප‍්‍රධාන අමාත්‍ය මහීපාල හේරත්, නියෝජ්‍ය අමාත්‍ය ලලිත් දිසානායක, පාර්ලිමෙන්තු මන්තී‍්‍රවරුන් වන ජේ.ආර්.පී සූරියප්පෙරුම, කනක හේරත් යන මහත්වරුන්ද ඇතුළු මහජන නියෝජිතයින්, රාජ්‍ය නිලධාරින් ඇතුළු විශාල පිරිසක් සහභාගි වුහ. (MEDm/S168/P44)

(Pixs by Dharshana Karunarathna)

ආයෝජනයට සුදුසුම රටවල් අතරින් ශ‍්‍රී ලංකාවට ඉහළ තැනක් හිමි වෙනවා
වසර කිහකට අධික කාලයක් පැවති යුද්ධය අවසන් කිරීමෙන් පසු ශ‍්‍රී ලංකාව තුළ ඉතා සාමකාමී වාතාවරණයක් සහ ශක්තිමත් දේශපාලන ස්ථාවරත්වයක් පවතින හෙයින් ආයෝජන කටයුතු සඳහා සුදුසුම රටක් බවට ශ‍්‍රී ලංකාව පත්ව ඇතැයි ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්‍ෂ මහතා පැවසීය.

වසරේ දින තුන්සිය හැට පහේම පැය 24 පුරාම විදුලිබලය නොකඩවා ලබාදෙන දකුණු ආසියවේ එකම රට ශ‍්‍රී ලංකාව බවත් එම නිසා කිසිදු ගැටළුවකින් තොරව වසරේ සෑම දිනකම සෑම පැයකම කර්මාන්තශාලා ක‍්‍රියාත්මක කළ හැකි බවත් ඒ මහතා වැඩි දුරටත් කියා සිටියේය.

ශ‍්‍රී ලංකාවේ ආයෝජන අවස්ථා සොයා බැලීම සඳහා පසුගිය 06වන දින දිවයිනට පැමිණි ජුන් ටේක් ෂීං මහතාගේ නායකත්වයෙන් යුත් දකූණු කොරියානු වෙළඃද නියෝජිත පිරිස පසුගිය 07 වන දින ආමාත්‍ය බැසිල් රාජපක්‍ෂ මහතා හමුවූ අවස්ථාවේදී අමාත්‍යවරයා මේ බව ප‍්‍රකාශ කළේය. එම පිරිස මෙම මස 11 වන දින දක්වා ශ‍්‍රී ලංකාවේ සංචාරයේ නියැලීමට නියමිතය.

ශ‍්‍රී ලංකාවේ ස්වාභාවික පිහිටීම සහ පාරිසරික තත්ත්වය ආයෝජන කටයුතු සඳහා ඉතා සුදුසු බවත් ඉතා පැහැදිලි නීති හා රෙගුලිසි පරිසරය සම්බන්ධයෙන් ලංකාව තුළ ක‍්‍රියාත්මක වන බවත් පෙන්වා දුන් අමාත්‍යවරයා ඉතා සමීප මෙන්ම පුහුණු කම්කරුවන් පිරිසක් ලංකාවේ සිටින බවත් කීවේය.

මේ වන විට ඉහළ පෙළේ ආයෝජන කිහිපයක් කොරියාව විසින් ශ‍්‍රී ලංකාව තුළ ක‍්‍රියාත්මක කරන බවත් පැවසූ අමාත්‍යවරයා විදුලිය, මෝටර් රථ කාර්මික, විලාසිතා, ඖෂධ නිෂ්පාදනය, නැව් අලූත් වැඩියා කිරීම යනාදී ක්‍ෂේත‍්‍රයන් තුළ ආයෝජන අවස්ථාවන් පවතින බවද පැවසීය. ශ‍්‍රී ලංකාවේ ඇගලූම්වලට ලෝකයේ බොහෝ රටවලට ඉහළ ඉල්ලූමක් පවතින බවත් යුරෝපය, ආසියාව, ජපානය වැනි රටවලට ප‍්‍රධාන වශයෙන් ඇගලූම් අපනයනය කරන බවත් කියා සිටි අමාත්‍යවරයා එම අංශයේද ආයෝජන අවස්ථා පවතින බවද පෙන්වා දුන්නේය. සංචාරකයින් සඳහා අවශ්‍ය වෙළඃද සංකීර්ණ සහ සම්මේලන මධ්‍යස්ථාන වැනි ඉදිකිරීම් සඳහාද අවධානය යොමු කරන ලෙසද හෙතෙම පැවසුවේය.

ශ‍්‍රී ලංකාව සහ දකුණු කොරියාව අතර ශක්තිමත් හවුල්ව්‍යාපාරයක් සහ නායකත්වයක් පවත්වා ගැනීම තුළින් දෙරට අතර පවත්නා සම්බන්ධතාවය තවදුරටත් වර්ධනය කර ගත හැකි බව ජුන් ටේක් ෂීං මහතා කියා සිටියේය. දකුණු කොරියානු රජයේ ප‍්‍රතිපාදන මත කෑගල්ල දිස්ත‍්‍රික්කයේ කහඹිලියාගම සහ රත්නපුර දිස්ත‍්‍රික්කයේ එපිටවත්ත යන ගම් දෙක දකුණු කොරියානු ගම් සංවර්ධනය සංකල්පයක් වන සෙමාඋල් වුන්දු (Saemaul  Undong) ක‍්‍රමය යටතේ සංවර්ධනය කිරීමට තෝරාගෙන ඇති අතර එම සංකල්පය තව දුරටත් දියුණු කිරීම සඳහා දකුණු කොරියානු රජයේ අනුග‍්‍රහය තවදුරටත් ලැබෙනු ඇතැයිද ප‍්‍රකාශ කළේය. දෙරට අතර අනාගත සම්බන්ධතාවයන් පවත්වා ගැනීමට සහ වෙළෙඃද සබදතා වර්ධනය කර ගැනීමට ශ‍්‍රී ලංකාවේ පවතින ආයෝජන අවස්ථාවන් පිළිබඃද එරටේ සෙසු ආයෝජකයින්ද දැනුවත් කරන බවද දකුණු කොරියානු වෙළෙඃද නියෝජතයින් පිරිස මෙම අවස්ථාවේදී කියා සිටියහ.

(pix by Darshana Karunarathne)

“සහභාගිත්ව සංවර්ධනයක් තුළින් දැයට කිරුළ 2014 ජන බලගන්වනවා” කුරුණෑගල සහ කෑගල්ලේ ජනහමු 10ක් අමතමින් ඇමති බැසිල් කියයි
ජනතාව සහභාගි කරගන්නා සංවර්ධනයක් දැයට කිරුළ 2014 ජාතික සංවර්ධන වැඩසටහනින් සිදුවිය යුතු බවද ජනතා සහභාගිත්වයක් නොමැතිව ඔවුන්ගෙන් තොර සංවර්ධනයක් සිදුකිරීම රජයේ දැක්ම නොවන බවද ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්‍ෂ මහතා ප්‍රකාශ කළේය.

මෙවර දැයට කිරුළ ජාතික සංවර්ධන වැඩසටහනින් කුරුණෑගල, පුත්තලම සහ කෑගල්ල දිස්ත්‍රික්කයන්හි ප්‍රජා අවශ්‍යතා විසදමින් ජනබල යටතේ ජුලි මස තුළ ග්‍රාමීය ජනහමු සහ ජංගම සේවා කුරුණෑගල 1610ක්, කෑගල්ල 573, පුත්තලම 548 යන දිස්ත්‍රික්කයන් තුන තුළ ජංගම සේවා 2731ක්  රාජ්‍ය නිළධාරින්ගේ සහභාගිත්වයෙන් සිදුකරන බවද බැසිල් රාජපක්‍ෂ අමාත්‍යවරයා වැඩිදුරටත් හෙළි කළේය.

ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්‍ෂ මහතා මෙම අදහස් පළ කළේ කෑගල්ල දිස්ත්‍රික්කයේ රුවන්වැල්ල, දැරණියගල, යටියන්තොට, ගලිගමුව සහ කුරුණෑගල දිස්ත්‍රික්කයේ යාපහුව, නිකවැරටිය, පඩුවස්නුවර, ගල්ගමුව, බිංගිරිය යන ආසනවලට අයත්  ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ 20ක මහජන නියෝජිතයින්, රාජ්‍ය නිලධාරින් සහ ප්‍රජා මූල සංවිධානවල නියෝජිතයින් දැනුවත් කිරීමේ රැස්වීම් මාලාවකට සහභාගි වෙමිනි. ජුනි 08 සෙනසුරාදා සහ 09 ඉරිදා දවස පුරා ස්ථාන 10කදී මෙම රැස්වීම් විශාල පිරිසකගේ සහභාගිත්වයෙන් පැවැත්විණි.

මෙවර දැයට කිරුළ ජාතික සංවර්ධන වැඩසටහන  පුත්තලම, කුරුණෑගල සහ කෑගල්ල දිස්ත්‍රිකයන්හි ප්‍රාදේශීය ලේකම් කොට්ඨශ 57කට අයත් ග්‍රාම නිළධාරි වසම් 2731 ක්‍රියාත්මක වේ. දිස්ත්‍රික්ක තුනේ ප්‍රතිලාභ හිමිවන ජනගහණය ලක්ෂ 32කි. ජුලි මස පැවැත්වෙන දැයට කිරුළ ජංගම සේවා 2,731 මගින් පුද්ගලයින් ලියාපදිංචි කිරීම උප්පැන්න, මරණ, විවාහ, වැඩිහිටි හැදුනුම්පත් සදහා ඉල්ලුම්පත් නිකුත් කිරීම ගමේ පොදු පහසුකම් පිළිබද කේෂේත්‍ර පරික්ෂණ, වෛද්‍ය සායන, ඉඩම් සහ අනිකුත් බලපත්‍ර පිළිබද ගැටළු ආදි සියළුම සේවාවන් සපයනු ලැබේ. සෑම ගමක්ම ඉලක්කකර ගනිමින් පොදු සමාජීය සේවාවන් සහ ව්‍යාපෘතින් පෞද්ගලික අංශයේ සහ රාජ්‍ය අංශයේ සමාජ වගකීම් ව්‍යාපෘතින් යටතේ ඉටුකිරීමටද වැඩපිළිවෙළක් යොදා ඇත.

මෙම දැයට කිරුළ සංවර්ධන වැඩසටහන යටතේ ප්‍රජා අවශ්‍යතා විසදීම සහ ජන බලගැන්වීමේ රැස්වීම් මාලාව අමතමින් ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රජපක්‍ෂ මහතා මෙසේද පැවසීය. “2014 දැයට කිරුළ ජාතික සංවර්ධන වැඩසටහන පිළිබඳව දේශපාලන අධිකාරිය හා රාජ්‍ය නිළධාරින්, ප්‍රජා සංවිධානවල නායකයින් දැනුවත් කිරීමේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ මට්ටමේ හමුවට එක්වූ ඔබ සියලු දෙනාටම මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා පුමුඛ රජයේ ස්තූතියත්, ගෞරවයත් පුද කරනවා.

දැයට කිරුළ ප්‍රදර්ශනය හා සංවර්ධන වැඩපිළිවෙල එදා 2007දී ජනාධිපතිතුමාගේ උපදෙස් මත ආරම්භ වූණේ, අපේ රටේ ජනතාව දැනුවත් කිරීමේ අරමුණින්. 2005 නොවැම්බර් මාසේ 17වැනිදා පැවැත්වූ ජනාධිපතිවරණයෙන් ජයගත් ජනාධිපතිතුමා මහින්ද චින්තන වැඩපිළිවෙල ඔසසේ මේ රටේ සුවිශාල් පෙරලියකට මුල පිරැවා. තිස් වසරක් තිස්සේ පැවැති මහා විනාශකාරි යුද්ධය නිම කරන්නට එතුමා අභීතව නායකත්වය ලබා දුන්නා. රණවිරුවෝ ඉතා කැපවීමෙන් මවිබිම, මාතෘභූමිය ආරක්‍ෂා කරගන්නට ක්‍රියාකල මහා කුරිරු ත්‍රස්තවාදය පරාජයට පත් කරන්නට රණවිරුවෝ මෙහෙයවන අතරම රටේ සෑම ගම්දනව්වකට දැවැත්ත සංවර්ධනයක් එදා සිදුවුණා. කොළඹ, අගනුවරට සීමාවූ සංවර්ධනය රටපුරා ව්‍යාප්ත කරන්නට කටයුතු කළා. ඒ අතරම මං මාවත්, පාළම්, බෝක්කු, විදුලිබලය, නිවාස, රෝහල්, පාසැල් දියුණු කළා. ගමේ ජනතාවට අවශ්‍ය මූලික සම්පත් ලබාදීමට ක්‍රියාකළා. මේවා පිළිබඳව වාගේම අපේ අනාගතය ගොඩනැ‍‍ගෙන හැටි ලොවට කියා පෑමටයි දැයට කිරුළ වැඩසටහන ආරම්භ කලේ.

එදා කොළඹදී දැයට කිරුළ ප්‍රදර්ශන 03ක් පැවැත්වුවා. කොටි ත්‍රස්තවාදය පරාජය කර සාමය ස්ථාපිත කිරීමෙන් පසු එය කොළඹින් පිටතට ගෙන ආවා. අද දැයට කිරුළ ප්‍රදර්ශන මට්ටමෙන් එහා ගොස් දිස්ත්‍රික් මට්ටමෙන් විශාල සංවර්ධනයක් සිදු කරනවා. මහනුවර පල්ලකැලේදී, මොනරාගල බුත්තලදී, අනුරාධපුර ඔයාමඩුවේදී, දැයට කිරුළෙන් එම ප්‍රදේශවල විශාල සංවර්ධනයක් ඇතිවුණා. මොනරාගලදී පුරවැසි හැදුනුම්පත් 69,000ක් නිකුත් කලා. අනුරාධපුර‍යේදී 38,000කට උළු සෙවිලි කර නිවාස ලබාදුන්නා. ගියවර දැයට කිරුළින් අම්පාර, මඩකලපුව, ත්‍රිකුණාමලය සහ පොළොන්නරුව දිස්ත්‍රික්කයන්හි යටිතල පහසුකම් දියුණුකර විශාල සංවර්ධනයක් ඇතිකලා. අම්පාර දැයට කිරුළින් හාඩි තාක්ෂණ ආයතනය වැඩි දියුණු වුණා. වැවි අමුණු විශාල ප්‍රමාණයක් ප්‍රතිසංස්කරණය කලා. ජනාධිපතිතුමා අපට උපදෙස් දී තිබෙනවා කිසිදු අඩුපාඩුවකින් තොරව මෙවර දැයට කිරුළ වැඩසටහන ක්‍රියාත්මක කිරීමට. ඒ අනුව මෙවර දැයට කිරුළ කුරුණෑගල, පුත්තලම සහ කෑගල්ල දිස්ත්‍රික්ක කේන්ද්‍ර කරමින් සිදු කරනවා. සැම ගමකම සිදුවන සංවර්ධන වැඩසටහන් සදහා සියළු දෙනාගේ සහාය පමණක් නොව ආගමික නායකයින්ගේ ආශිර්වාදය සහ උපදෙස්ද ලබාගන්නවා.

මෙම වැඩසටහන මගින් පුද්ගලයා, පවුල, ප්‍රදේශය, පළාත, රට අවසානයේදී ලොව දිනීමේ ඉලක්කය කරා අප යනවා. රාජ්‍ය නිළධාරින් සහ ගමේ ජනතාව අතර මනා සම්බන්ධීකරණයක්, සමීප බවක් දැනුවත් බවක් ඇති කර ගැනීමට මෙම අවස්ථාව කරගත යුතුයි. ගමේ නගරයේ පොදු සංවර්ධන අවශ්‍යතා ප්‍රමුඛතා ගත කර ප්‍රාදේශීය සංවර්ධන කමිටුවේ අනුමැතියෙන් ඒවා ක්‍රියාත්මක කිරීමට හැකි බවද අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා මෙහිදී වැඩිදුරටත් පැවසීය.

දැයට කිරුළ සංවර්ධන කමිටුවේ සභාපති සහ විදුලි සංදේශ, තොරතුරු තාක්ෂණ අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා අදහස් දක්වමින් කියා සිටියේ දැයට කිරුළ මෙවර වැඩපිළිවෙල අති සාර්ථක කරගැනීම සදහා සංවර්ධන සංග්‍රාමයේ මහ සෙනවියෙකුවන බැසිල් රාජපක්ෂ අමාත්‍යතුමාගේ මඟ පෙන්වීම් සහ නායකත්වය ලබාගැනීමට හැකිවීම කුරුණෑගල, පුත්තලම සහ කෑගල්ල දිස්ත්‍රික් ජනතාව ලැබූ විශාල ජයග්‍රහණයක් බවයි. දැයට කිරුළ ජනතා වැඩපිළිවෙලක් බවට පත්කර ගැනීම සදහා රාජ්‍ය නිළධාරින් සහ දේශපාලන අධිකාරියේ සහායද අතවශ්‍යයි.

මෙම රැස්වීම් මාලාවට අමාත්‍යවරුන්වන මහාචාර්ය තිස්ස විතාරණ, නිතිඥ අනුර ප්‍රියදර්ශන යාපා, ටී.බී ඒකනායක, ජොන්ස්ටන් ප්‍රනාන්දු, ඉන්දික බණ්ඩාරනායක, නියෝජ්‍ය අමාත්‍යවරුන් වන එච්.ආර්. මිත්‍රපාල, පාර්ලිමෙන්තු මන්ත්‍රීවරුන් වන වයි.පී පද්මසිරි, තාරනාත් බස්නායක, පළාත් අමාත්‍ය ශ්‍රී ලාල් වික්‍රමසිංහ යන මහත්වරුන් ඇතුළු දේශපාලන නායකයින්ද දිසාපතිවරුන් ඇතුළු රජයේ ජේෂ්ඨ නිළධාරින් රැසක්ද සහභාගිවී සිටියහ.

(pix by Darshana Karunarathna)

ශ‍්‍රී ලංකාව පිළිබඳව ගෙන යන වැරදි ප‍්‍රචාර පිළිබඳව ඉන්දීය රජයත් ජනතාවත් දැනුවත් කරනවා – ඉන්දීය භාරතීය ජනතා පක්‍ෂයේ ශ‍්‍රී රවී සන්කර් ප‍්‍රසාද් ඇමති බැසිල් හමුවේ පවසයි
ශ‍්‍රී ලංකාවේ උතුරු ප‍්‍රදේශයේ සිදු කර ඇති දැවැන්ත සංවර්ධනය තමා දුටු බවත් ජාති භේදයකින් තොරව ඉතා උසස් මට්ටමින් පවත්වාගෙන යනු ලබන එම ක‍්‍රියාවලිය පිළිබඳව ඉන්දීය රජයත් ජනතාවත් දැනුවත් කරන බවත් ඉන්දීය භාරතීය ජනතා පක්‍ෂයේ ශ‍්‍රී රවී සන්කර් ප‍්‍රසාද් මහතා පැවසීය. ශ‍්‍රී ලංකාව පිළිබඳව ඇතැම් සාවද්‍ය ප‍්‍රචාරයන් නිසා ඉන්දියානුවන් තුළ පවතින දුර්මතය ඉන් ඉවත් කිරීමට හැකි උපරිම උත්සාහය තම කණ්ඩායම විසින් ගන්නා බවත් ඔහු කියා සිටියේය. ශ‍්‍රී ලංකාව සහ ඉන්දියාව අතර වඩාත් ශක්තිමත් සහ නොබිදෙන සුඃඵ ආර්ථික සම්බන්ධතාවයක් පවත්වාගෙන යාම අත්‍යවශ්‍ය බවද ඒ මහතා ප‍්‍රකාශ කළේය.

ශ‍්‍රී රවී සන්කර් ප‍්‍රසාද් මහතාගේ නායකත්වයෙන් යුත් ඉන්දීය භාරතීය ජනතා පක්‍ෂයේ නියෝජිතයින් පිරිසක් පසුගිය හතර වන දින සිට 09 වන දින දක්වා ශ‍්‍රී ලංකාවේ සංචාරයක නියැලූණු අතර පසුගියදා එම පිරිස (07* ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්‍ෂ මහතා හමුවූ අවස්ථාවේදී මේ බව කියා සිටියේය. එම පිරිසට ශ‍්‍රී සුරේෂ් ප‍්‍රභූ, ශ‍්‍රී ස්වාපන් දාස්ගුප්තා, ශ‍්‍රී විවේක් කට්ජු, මොනිකා අරෝරා, ශ‍්‍රී රාම් මාධව් වරණාසි යන මහත්ම මහත්මීන් අයත් වූහ.

ඉන්දියානු රජය සහ ශ‍්‍රී ලංකා රජය පමණක් එක්ව කටයුතු කර තරමින්ම මෙවැනි සාවද්‍ය ප‍්‍රචාරයන් නතර කළ නොහැකි බවත් එසේ කිරීමට නම් දෙරටේම ජනතාව සහ සෑම සමාජීය කණ්ඩායමක්ම එක්ව කටයුතු කළ යුතු බවද එම පක්‍ෂය පෙන්වා දුන්නේය. ශ‍්‍රී ලංකාව සහ ඉන්දියාව අතර පවත්නා ආර්ථික, දේශපාලනික සහ සංස්කෘතික සම්බන්ධතාවයන් ඈත අතීතයේ සිටම පවත්වා ගෙන ආ බවත් එම සම්බන්ධතාව නොකඩවා පවත්වාගෙන යාමට නම් දෙරටේම ජනතාව එකට එක්ව කටයුතු කළ යුතු බවද එම නියෝජිතයෝ පැවසූහ. ශ‍්‍රී ලංකාවේ ක‍්‍රියාත්මක උතුරු නැගෙනහිර සංවර්ධනය පිළිබඳ කිසිදු අපැහැදිලිතාවයක් දක්නට නොලැබෙන බවද ලංකාවට එරෙහිව ඉන්දියාව තුළ ක‍්‍රියාත්මක වන ඇතැම් සිද්ධීන් සඃදහා සමස්ත ඉන්දියාවම සම්බන්ධ නොමැති බවත් එයට සම්බන්ධ වන්නේ ඉතා සුඃඵ පිරිසක් බවත් එම කණ්ඩායම අවධාරණය කලහ.

මෙහිදී අදහස් දැක්වූ බැසිල් රාජපක්‍ෂ මහතා ශ‍්‍රී ලංකාවේ පැවති යුද්ධයෙන් පසු ශ‍්‍රී ලංකා රජය ගෙනගිය සංවර්ධන ක‍්‍රියාවලියේදී ඉන්දියාව සෑම අවස්ථාවකදීම සහයෝගය ලබාදුන් බවද ප‍්‍රකාශ කළේය. බිම් බෝම්බ ඉවත් කිරීම, කෘෂිකර්ම ව්‍යපෘති ක‍්‍රියාත්මක කිරීම, වාරි මාර්ග නවීකරණය කිරීම, නිවාස ව්‍යාපෘති ක‍්‍රියාත්මක කිරීම, පාසල් ගොඩනැගිලි ඉදිකිරිම, දුම්රිය මාර්ග සැකසීම යනාදී ව්‍යාපෘති රැුසක් ඉන්දියානු රජය මගින් ක‍්‍රියාත්මක කළ බවද අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.

ශ‍්‍රී ලංකා රජය මගින්ද උතුරේ ජනතාව සඃදහා විශාල ව්‍යාපෘති සංඛ්‍යාවක් ක‍්‍රියාත්මක කළ බව පෙන්වා දුන් අමාත්‍යවරයා සෑම පුද්ගලයෙකුට එක හා සමාන අයුරින් සැලකීමට ශ‍්‍රී ලංකා රජය සෑම විටම පියවර ගත් බවත් ප‍්‍රකාශ කළේය. එම ප‍්‍රදේශවල සංවර්ධන කටයුතු සිදු කරන අතරම උතුරු ප‍්‍රදේශයේ පහළ මට්ටමේ සිට ඉහළ මට්ටම දක්වාම සෑම ජන වරමක්ම පැවැත්වීමට කටයුතු කළ බවද කියා සිටියේය. එළෙඹෙන උතුරු පළාත් සභා මැතිවරණය නිදහස් හා සාධාරණ ආකාරයෙන් පැවැත්වීමට හැකි සෑම උත්සාහයක්ම රජය ගන්නා බවත් සෑම දෙනාටම තමන්ගේ ඡුන්දය ප‍්‍රකාශ කළ හැකි වන පිරිදි විශේෂ නීති ප‍්‍රතිපාදන  සකස් කර ඇති බවත් අමාත්‍යවරයා පැවසීය.

ශ‍්‍රී ලංකාවේ උතුරු නැගෙනහිර දමිළ ජනතාව සඃදහා දමිළ මාධ්‍ය රැුසක් ක‍්‍රියාත්මක වන බවද පෙන්වා දුන් අමාත්‍ය බැසිල් රාජපක්‍ෂ මහතා යුද්ධයෙන් පසු උතුරු නගෙනහිර ප‍්‍රදේශයන්හි දමිළ පුවත්පත් සහ රූපවාහිනී නාලිකා කිහිපයක් ආරම්භ කර ඇති බවද ප‍්‍රකාශ කළේය. ඒ තුළින් පෙන්නුම් කරන්නේ දමිළ ජනතාවට තොරතුරු දැනගැනීමේ අවස්ථාව ශ‍්‍රී ලංක රජය මගින් තහවුරු කළ ඇති බවද අමාත්‍යවරයා වැඩිදුරටත් කීවේය.

මේ වන විට ලංකාවේ ආයෝජන කටයුතුවල වැඩිපුරම නියැළී සිටින්නේ ඉන්දියානු ආයෝජකයින් බවත් ශ‍්‍රී ලංකාවට පැමිණෙන සංචාරකයින් අතරින් ඉන්දීය සංචාරකයින් වැඩි ප‍්‍රමාණයක් සිටින බවද පෙන්වා දුන් අමාත්‍යවරයා දෙරට අතර පවතින ධනාත්මක පැත්තට වඩා නොපවතින දේවල් ඉස්මතු කරමින් ඒ පසුපස සාවද්‍ය ප‍්‍රචාරයන් ගෙනයාමට ඇතැම් පිරිස් උත්සාහ කරන බවද කියා සිටියේය.

මෙම අවස්ථාවට උතුරේ නැවත පදිංචි කිරීමේ සහ සංවර්ධනය සහ ආරක්ෂාව පිළි්බඳ ජනාධිපති කාරය සාධක බලකායේ ලේකම් එස්. බී දිවාරත්න මහතා ද සහභාගී වූහ.

(pix by Darshana Karunarathne)