ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය 2012 වසරේ ප්‍රථම කාර්තුවේ කාර්ය සාධනය

2012 වසරේ ප්‍රථම කාර්තුවේ ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය වෙත ලැබුණු ආයෝජන අයදුම්පත් සංඛ්‍යාව 72 කි. මෙය පසුගිය වසරේ ලද අයදුම්පත්‍ර සංඛ්‍යාව වන 28 හා සාපේක්ෂව සැසඳීමේදී ඉහල අගයකි. දැනට පවත්වාගෙන යනු ලබන ආයෝජන ව්‍යාපෘති ප්‍රසාරණය කිරීම වෙනුවෙන් අයදුම් පත්‍ර 5 ක් ද ලැබී තිබේ.
2012 වසරේ ප්‍රථම කාර්තුවේ ආයෝජන මණ්ඩලය විසින් අනුමත කරන ලද ව්‍යාපෘති සංඛ්‍යාව 54 කි. 2011 වසරේ ප්‍රථම කාර්තුවේදී අනුමත කරන ලද ව්‍යාපෘති සංඛ්‍යාව 27 කි. මෙම පසුගිය වසර හා සාපේක්ෂව සැසඳීමේදී 100% ක වර්ධනයකි. අනුමත ආයෝජන ව්‍යාපෘති වල ඇස්තමේනතුගත ආයෝජන අගය රුපියල් මිලියන 96,317 ක් වන අතර ඉන් රුපියල් මිලියන 49,169 ක් විදේශ ආයෝජන වේ. ඉතිරි රුපියල් මිලියන 47,148 දේශීය ආයෝජන වේ. අනුමත කරන ලද ව්‍යපෘති 54 තුලින් ජනනය වන සෘජු රැකියා ප්‍රමාණය 9500 පමණ වනු ඇතැයි ගණන් බලා තිබේ.
මෙම වසරේ ප්‍රථම කාර්තුවේ ගිවිසුම් අත්සන් කරන ලද ආයෝජන ව්‍යාපෘති සංඛ්‍යාව 40 වන අතර මෙය 2011 වසරට වඩා 25% ක වර්ධනයක් පෙන්නුම් කරයි. වර්ෂ 2011 ප්‍රථම කාර්තුවේදී අත්සන් තබන ලද ආයෝජන ගිවිසුම් සංඛ්‍යාව 32 ක් විය. 2012 වර්ෂයේ ප්‍රථම කාර්තුවේ ගිවිසුම් අත්සන් කරන ලද ආයෝජන ව්‍යාපෘති 40 න් ව්‍යාපෘති 33 ක්ම නව ව්‍යාපෘති වන අතර ව්‍යාපෘති 7ක් පවතින් ව්‍යාපෘතීන් වල ප්‍රසාරණය වීමකි.
2012 ප්‍රථම කාර්තුව තුලදී මෙහෙයුම් ක්‍රියාත්මක කරන ලද ව්‍යාපෘති සංඛ්‍යාව 23 ක් වන අතර ඒවා සියල්ලම නව ව්‍යාපෘතීන් වේ. මෙය 2011 වසර හා සාපේක්ෂව සැසඳීමේදී 64% ක වර්ධනයක් පෙන්නුම් කරයි. මෙහෙයුම ක්‍රියාත්මක කරන ලද ව්‍යාපෘතීන් වල ආයෝජන වටිනාකම රුපියල් මිලියන 75,273 වන අතර ඒවා තුලින් පවතින සෘජු රැකියා ප්‍රමාණය 2,946 පමණ වෙතැයි ඇස්තමේන්තු කර ඇත.
මෙම වසරේ ප්‍රථම කාර්තුව තුළ දී වාණිජ මෙහෙයුම් ආරම්භ කරන ලද ආයෝජන ව්‍යාපෘති සංඛ්‍යාව 18 කි. වසර 2011 දී මෙම සංඛ්‍යාව 20 විය. වාණිජ මෙහෙයුම් ආරම්භ කරන ලද ව්‍යාපෘති 18 හි ඇස්තමේන්තු ගත ආයෝජන වටිනාකම් රුපියල් මිලියන 7.198 ක් වන අතර 2011 වර්ෂයේ ප්‍රථම කාර්තුවේ දී වාණිජ මෙහෙයුම් ආරම්භ කරන ලද ව්‍යාපෘති වල ආයෝජන වටිනාකම වූයේ රුපියල් මිලියන 3089 කි. මෙම ව්‍යාපෘති 18 තුළින් ජනනය වන සෘජු රැකියා ප්‍රමාණය 5000 පමණ වනු ඇත.
වර්ෂ 2012 ප්‍රථම කාර්තුවේ ආයෝජන මණ්ඩලය යටතේ ක්‍රියාත්මක වන ව්‍යාපෘතිවල සමස්ථ අපනයන වටිනාකම රුපියල් මිලියන 193 ක් වන අතර මෙය වර්ෂ 2011 හා සැසදීමෙ දී 7% ක වර්ධනයක් පෙන්නුම් කරයි.
ප්‍රථම කාර්තුව තුළ ආයෝජන මණ්ඩලයීය ව්‍යාපෘතිවල සමස්ථ ආනයනවල වටිනාකම් රුපියල් බිලියන 131ක් වන අතර ඉන් රුපියල් බිලියන 93 ක් ප්‍රාග්ධන කාණ්ඩ ආනයනය සඳහා ද රුපියල් මිලියන 37 ක් වන අතර ඉන් රුපියල් බිලියන 93 ක ප්‍රාග්ධන කාණ්ඩ ආනයනය සඳහා ද රුපියල් මිලියන 37 ක් අමුද්‍රව්‍ය ආනයනය සඳහා යොදවා ඇත. වර්ෂ 2011 ප්‍රථම කාර්තුව හා සැසදීමේ දී සමස්ථ ආනයනය 22%ක වර්ධනයක් පෙන්නුම් කරන අතර ප්‍රාග්ධන භාණ්ඩ ආනයනය 25 ගුණයක වර්ධනයක් පෙන්නුම් කරයි.




