“ඉන්දියානු දැක්ම” හා ව්‍යාපාරික හා ආයෝජන සමුළුව අමාත්‍ය බැසිල් රාජපක්‍ෂ මහතාගේ ප‍්‍රධානත්වයෙන් ආරම්භ විය.

“ඉන්දියානු දැක්ම” හා ව්‍යාපාරික හා ආයෝජන සමුළුව ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්‍ෂ මහතාගේ ප‍්‍රධානත්වයෙන් කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණශාලාවේදී අද (03) දින ආරම්භ කෙරිණි. ඉන්දියානු රජයේ වාණිජ කර්මාන්ත හා රෙදිපිළි අමාත්‍ය ආනන්ද් ශර්මා, වාණිජ හා කර්මාන්ත අමාත්‍ය රිෂාඞ් බදියුධීන්, ජ්‍යෙෂ්ඨ අමාත්‍ය සරත් අමුණුගම, ඒ.එච්.එම්. ෆවුසි යන අමාත්‍යවරුන්ද මෙම අවස්ථාවට සහභාගී විය. එසේම  “Doing Business With Sri Lanka” නැමැති ග‍්‍රන්ථය ඉන්දියානු රජයේ වාණිජ කර්මාන්ත හා රෙදිපිළි අමාත්‍ය ආනන්ද් ශර්මා, වාණිජ හා කර්මාන්ත අමාත්‍ය රිෂාඞ් බදියුධීන් යන අමාත්‍යවරුන් විසින් එළි දක්වන ලදී.