දැනුම කේන්ද්‍රීය කරගත් සංවර්ධනයක් රට තුළ ඇති කරනවා – අමාත්‍ය බැසිල් රෝහණ රාජපක්‍ෂ මහතා
දැනුම කේන්ද්‍රීය කරගත් සංවර්ධනය තුළින් රට සංවර්ධනය කරා ගෙන යාමට හැකි සෑම පියවරක්ම ගැනීමට ජනාධිපතිතුමා ප‍්‍රමුඛ රජය පියවර ගන්නා බව ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක හා ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රෝහණ රාජපක්‍ෂ මහතා පැවසීය.
රට පුරා ප‍්‍රාථමික පාසල් 5000ක් හා ද්විතීයික පාසල් 1000ක් සංවර්ධනය කිරීමේ රජය ගෙන යන වැඩ සටහනේ ප‍්‍රාථමික පාසල් සංවර්ධන වැඩසටහන ඉකුත් 03වන දා කැකිරාව ගල්කිරියාගම ප‍්‍රාථමික විද්‍යාලයේදී ආරම්භ කෙරුණු අතර ඒ සඳහා පැවති උත්සවයට සහභාගී වෙමින් අමාත්‍යවරයා මේ බව ප‍්‍රකාශ කළේය.
ස්වෛරී මා සමෘද්ධිමත් රටක් කිරීමට අවශ්‍ය තිරසාර සාමය, ආහාර සුරක්‍ෂිතතාවය යන ප‍්‍රධාන කරුණු ඇති කිරීමට ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා ප‍්‍රමුඛ රජය දැනටමත් පියවර ගෙන ඇති බවද රටපුරා පිහිටි ප‍්‍රාථමික පාසල්, ද්විතීයික පාසල්, කාර්මික විද්‍යාල, වෘත්තීය පුහුණු ආයතන ඇතුළු සියලූ අධ්‍යාපන ආයතන ළමයින්ට නව දැනුම ලබාදෙන ආයතන බවට පත්කිරීමට අවශ්‍ය පියවර ගන්නා බවද අමාත්‍යවරයා මෙම අවස්ථාවේදී ප‍්‍රකාශ කළේය.
මෙම අවස්ථාවට නිමල් සිරිපාල ද සිල්වා, බන්දුල ගුණවර්ධන, තිස්ස කරලියද්ද, එස්.එම්. චන්ද්‍රසේන යන අමාත්‍යවරුන්ද දුමින්ද දිසානයක, විජය කුමාර දිසානායක, ඩබ්ලිව්. බී. ඒකනායක යන නියෝජ්‍ය අමාත්‍යවරුන්ද, එච්.පී. මුතුකුමාරණ, සේනාන් වෙත්තසිංහ යන පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන් ද සහභාගී වූහ.





