” ආරෝග්‍යා 2012″ ජාත්‍යන්තර සෞඛ්‍ය ප‍්‍රදර්ශනය

ජනාධිපති ජ්‍යේෂ්ඨ උපදේශක සහ ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රෝහණ රාජපක්‍ෂ මහතා අද දින (18) ආරෝග්‍යා 2012 ජාත්‍යන්තර සෞඛ්‍ය ප‍්‍රදර්ශනය විවෘත කිරීම සඳහා ප‍්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් සහභාගී විය.
ජාතික වාණිජ මණ්ඩලය හා සෞඛ්‍ය අමාත්‍යාංශය එක්ව සංවිධානය කරනු ලබන ආරෝග්‍යා 2012 ජාත්‍යන්තර සෞඛ්‍ය ප‍්‍රදර්ශනය අගෝස්තු 17 වන දින සිට 19 වන දින දක්වා කොළඹ බණ්ඩාරණායක ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලා පරිශ‍්‍රයේදී පැවැත්වේ.
මෙම ප‍්‍රදර්ශනය පැවැත්වීමේ අරමුණු වන්නේ ශ‍්‍රී ලංකාව දකුණු ආසියාවේ සෞඛ්‍ය කේන්ද‍්‍රස්ථානයක් වශයෙන් සංවර්ධනය කිරීම, වෛද්‍ය සංචාරණය සංවර්ධනය කිරීම, සෞඛ්‍ය ක්‍ෂේත‍්‍රය හා සම්බන්ධ ආයෝජන අවස්ථාවන් ඇති කිරීම, සෞඛ්‍ය ක්‍ෂේත‍්‍රයේ නව සොයා ගැනීම්, නව ප‍්‍රතිකාර විධි පිළිබඃදව දැනුවත් කිරීම, ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය අධ්‍යාපන අවස්ථාවන් පිළිබඃදව අසල්වැසි රටවල සිසුන් සඳහා අවබෝධයක් ලබාදීමයි.
ආරෝග්‍යා 2012 ප‍්‍රදර්ශනය සඳහා ඉන්දියාව, මැලේසියාව, සිංගපූරුව, කැනඩාව, චීනය යන රටවල නියෝජිත පිරිස් සහ ආයෝජකයන් සහභාගී වෙති.




