ශ‍්‍රී ලංකාවේ විශාලතම ටින් මාලු නිෂ්පාදන කර්මාන්ත ශාලාව පෑලියගොඩදී විවෘත කෙරේ.

ජනාධිපති ජ්‍යේෂ්ඨ උපදේශක සහ ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රෝහණ රාජපක්‍ෂ මහතා අද දින (18) ශ‍්‍රී ලංකාවේ විශාලතම ටින් මාලු කර්මාන්ත ශාලාව වන ටෙස් මැකරල් කර්මාන්ත ශාලාව පෑලියගොඩදී විවෘත කරනු ලැබීය.

 

ටෙස් මැකරල් කර්මාන්ත ශාලාව සඳහා ටෙස් මැකරල් සමාගම  විසින් රුපියල් මිලියන 170 ක මුදලක් ආයෝජනය කර ඇත. මෙය ශ‍්‍රී ලංකාවේ ඉදිකළ තෙවන මාලු ටින් කිරීමේ කර්මාන්ත ශාලාව වේ. ටෙස් මැකරල් සමාගම  ශ‍්‍රී ලංකාවේ සිට යුරෝපයට මත්ස්‍ය නිෂ්පාදන  අපනයනය කරනු ලබන ප‍්‍රධාන සමාගමකි.

 

මෙම අවස්ථාවට ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍ය රාජිත සේනාරත්න, ටෙස් සමූහ ව්‍යාපාරයේ සභාපති ඔලිවර් ප‍්‍රනාන්දු මහතා සහ එම සමාගමේ ප‍්‍රධාන විධායක නිළධාරී ශිරාන් ප‍්‍රනාන්දු, අධ්‍යක්‍ෂවරුන් වන රොෂාන් ප‍්‍රනාන්දු සහ ඩිල්ෂාන් ප‍්‍රනාන්දු යන අය සහභාගී වූහ.