කපිළ වස්තු සර්වඥ ධාතු ප‍්‍රදර්ශනය

ජනාධිපති ජ්‍යේෂ්ඨ උපදේශක සහ ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රෝහණ රාජපක්‍ෂ මහතා අද දින (19) කැලණිය මානෙල්වතු මහා විහාරයේදී කපිල වස්තු සර්වඥ ධාතුන්වහන්සේලා වැඃදපුදා ගැනීමට සහභාගී විය.
අතිගරු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මැතිතුමන් ඉන්දීය අගමැතිවරයාගෙන් සිදු කරන ලද විශේෂ ඉල්ලීමකට අනුව කපිල වස්තු සර්වඥ ධාතු ශ‍්‍රී ලංකාවට ලැබී ඇත. ඉන්දියාවේ දිල්ලි කෞතුකාගාරයේ තැන්පත් කර තිබූ කපිල වස්තු සර්වඥ ධාතුන්වහන්සේලා ශ‍්‍රී ලංකාවාසීන්ට වන්දනාමාන කිරීමට වැඩමවා ඇත්තේ වසර 34 කට පසුවය.
කැලණිය මානෙල්වතු මහා විහාරයේදී කපිල වස්තු සර්වඥ ධාතු ප‍්‍රදර්ශනය අගෝස්තු 19 වන දින සවස 2.00 සිට 22 වන දින උදෑසන 6 දක්වා මහජනතාව සඃදහා විවෘත කර තබනු ඇත. ඉන් අනතුරුව සැප්තැම්බර් මස 4 වන දින දක්වා ශ‍්‍රී ලංකාවේ තවත් ප‍්‍රදේශයන්හි මෙම ධාතූන්වහන්සේලා ප‍්‍රදර්ශනය කිරීමට සැළසුම් කර ඇත.
මෙම අවස්ථාවට ඉන්දියාවේ සංස්කෘතික කටයුතු ඇමති කුමාරි සෙල්ජා, කථානායක චමල් රාජපක්‍ෂ, විදේශ කටයුතු අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස්, නියෝජ්‍ය අමාත්‍යවරුන් වන ලසන්ත අලගියවන්න, ඩුලිප් විජේසේකර, ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ, ශ‍්‍රී ලංකාවේ ඉන්දීය මහකොමසාරිස් අශෝක් කේ කාන්තා ඇතුළු අති විශාල පිරිසක් එක්ව සිටියහ.




