තෝප්පුකණ්ඩම් සංචාරක නිකේතනය විවෘත කිරීම
ජනාධිපති ජ්‍යේෂඨ උපදේශක හා ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රෝහණ රාජපක්‍ෂ මහතා අද දින (29) නින්දවූර් ප‍්‍රදේශයේ ඉදිකර ඇති තෝප්පුකණ්ඩම් සංචාරක නිකේතනය විවෘත කරනු ලැබීය.
හයිරු සමූහ ව්‍යාපාරය මගින් ඉදිකර ඇති තෝප්පුකණ්ඩම් සංචාරක නිකේතනය සඳහා ආයෝජනය කර ඇති මුදල රුපියල් මිලියන 80 කි.
හයිරු සමූහ ව්‍යාපාරය විසින් ශ‍්‍රී ලංකාවේ පළමු ජීව බලශක්ති බලාගාරය මෙම සංචාරක නිකේතනයේ සිට කිලෝමීටර් 1 ක් පමණ දුරින් ඉදිකරනු ලබයි. මෙම ප‍්‍රදේශයේ ඉවතලන දහයියා මගින් බලශක්තිය ජනනය කිරීම එම ව්‍යාපෘතියේ අරමුණ වේ. එසේම හයිරු සමූහ ව්‍යාපාරය විසින් ඔලුවිල් වරාය ආසන්නයේ බෝට්ටු නිෂ්පාදන කර්මාන්ත ශාලාවක් ආරම්භ කිරීමට නියමිතය.
මෙම කර්මාන්ත ශාලා වෙත පැමිණෙන ආයෝජකයින්, ගැණුම්කරුවන් සඳහා නවාතැන් ගතහැකි ස්ථානයක් වශයෙන් මෙම සංචාරක නිකේතනය භාවිතා කිරීමට සැළසුම් කර ඇත.
මෙම අවස්ථාවට පා.ම. සරත් වීරසේකර, පා.ම. ශ‍්‍රියානි විජේවික‍්‍රම සහ හයිරු සමූහ ව්‍යාපාරයේ සභාපති ඉසදෙම් හයිරු මහතා ඇතුඃඵ විශාල පිරිසක් එක්ව සිටියහ.




