අමාත්‍යංශය
ශ්‍රී ලංකාවේ ආර්ථික සංවර්ධන අමාත්‍යංශයේ ප්‍රධාන කාර්යයන් ලෙස දැක්වෙන්නේ ප්‍රාදේශීය හා ග්‍රාමීය සංවර්ධනය, දරිද්‍රතාවය තුරන් කිරීම, දිළිඳු ජනතාව ආර්ථිකමය වශයෙන් ශක්තිමත් කිරීම, ආයෝජන ප්‍රවර්ධනය, සංචාරක ව්‍යාපාරය දියුණු කිරීම සහ සොබා දහම සහ සංචාරක ව්‍යාපාරය වැනි අංශයන් දියුණු කිරීම කෙරෙහිය. මෙම අමාත්‍යංශය අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාගේ නායකත්වය සහ මග පෙන්වීම යටතේ සිදු කෙරෙන අතර නියෝජ්‍ය අමාත්‍යවරුන් වන, ලක්ෂ්මන් යාපා අබේවර්ධන සහ මුත්තතය්යා මුතුසිවලිංගම් යන මහත්වරු එතුමාට සහාය දක්වයි. එහිදී සෑම අංශයක්ම ආර්ථික සංවර්ධන අමාත්‍යාංශය හා සම්බන්ධ කරගනිමින්, ගෘහස්ත ආදායම නගා සිටුවීමටත්, ජාතික සංවර්ධනය නගා සිටුවීමටත්, දීර්ඝ කාලයක් තිස්සේ සංවර්ධනය වීමට අවශ්‍යව තිබූ, සංචාරක ව්‍යාපාරයේ සංවර්ධනය වෙමින් පවතින ආයෝජනයන්, ශ්‍රී ලංකාවේ සොබා දහම සහ රමණීයත්වය සංරක්ෂණය කරමින්, මෙම දිවයිනෙහි සැබෑ මුහුණුවර පෙන්නුම් කරන්නේ ආසියාවේ ආශ්චර්යය යනුවෙනි.




