ශ්‍රී ලංකා සමෘද්ධි අධිකාරිය
ශ්‍රී ලංකා සමෘද්ධි අධිකාරිය
1995 අංක 30 දරණ පාර්ලිමේන්තු පනතින් සංස්ථාපිත කරන ලද ශ්‍රී ලංකා සමෘද්ධි අධිකාරිය පිහිටුවීමේ මූලික පරමාර්ථ :
“තරුණයන්, ස්ත්‍රීන් සහ අවාසි සහගත තත්ත්වයට පත්වී ඇති කණ්ඩායම්, ආර්ථික හා සමාජීය සංවර්ධන කටයුතුවලට එක් කර ගැනීම, සාමාජීක ස්ථාවරභාවය ප්‍රවර්ධනය කිරීම සහ දුගී බව තුරන් කිරීම” සැලසුම් කිරීම හා ක්‍රියාත්මක කිරීම ද වේ.
දැක්ම
“දුප්පත්කම අවම වු සමෘද්ධිමත් ශ්‍රී ලංකාවක් ගොඩනැගීම”
මෙහෙවර
මහජන සහභාගිත්වය මත පදනම් වු සංවර්ධනය මගින් දුප්පත්කම අවම වු ස්ථාවර ජාතික සංවර්ධනයට දායකවිම
පරමාර්ථ
කුඩා කණ්ඩායම් නිර්මාණය කිරීමෙන් ඒ තුලින් සමෘද්ධි සමිති ගොඩනැගිම මගින් ග්‍රාමීය පවුල් වල විභව ශක්තීන් හදුනා ගැනීම හා ඒ ග්‍රාමීය ජනතාව ශක්තිමත් කිරිම.
වර්ෂ 2013 වන විට ආර්ථික භෞතික හා සමාජ සංවර්ධනය තුලින් නාගරික ග්‍රාමීය හා වතු අංශ වර්ධනය කිරිම.
දේශීය හා විදේශීය වශයෙන් ඇති රාජ්‍ය සහ රාජ්‍ය නොවන සංවිධාන සම්බන්ධිකරණය තුලින් පළාත් බද සංවර්ධනයට දායක විම.
කුඩා පරිමාණයේ මුල්‍ය ණය ජාලය ශක්තිමත් කිරිම තුලින් සමස්ත ආර්ථිකය ශක්තිමත් කිරිම.
ශ්‍රී ලංකා සමෘද්ධි අධිකාරිය තාක්ෂණික වශයෙන් ශක්තිමත් වු ආයතනයක් බවට පත් කිරිම.
පූර්විකාව
දුප්පතුන් අවම වූ සමෘද්ධිමත් ශ්‍රී ලංකාවක් බිහි කිරීමේ උත්තරීතර අරමුණ සාක්ෂාත් කරගැනීම සඳහා කටයුතු කළ ශ්‍රී ලංකා සමෘද්ධි අධිකාරිය ජයග්‍රහණ රැසක් හිමි කර ගන්නා ලදි.
ආර්ථික සංවර්ධන අමාත්‍යාංශය මඟින් ක්‍රියාත්මක කරන ලද “ජාතික සවිය ගම නැඟුම” වැඩ සටහන් සදහා නව පැසුනු අත්දැකීම් එක් කරමින් ලාංකේය ආර්ථිකයේ සෞභාග්‍ය සදහා උපරිමයෙන් දායක වූ ආයතනයකි.
අඩු ආදායම්ලාභීන්ගේ විභව ශක්තීන් උපයෝගී කර ගනිමින් ඔවුන් දෙපයින් නඟා සිටුවීම මෙහි මූලික පරමාර්ථය වේ. එම පරමාර්ථ සපුරා ගැනීම සදහා පුද්ගල ජීවනෝපාය සංවර්ධන, ආකල්ප වර්ධන වැඩ සටහන් ක්‍රියාත්මක කිරීම තුලින් ග්‍රාමීය හා නාගරික දිළිඳු ප්‍රජාවට සශ්‍රීකත්වයේ නව මංපෙත් විවර කර ඇත.
“මහින්ද චින්තන ඉදිරි දැක්ම” අනුව පුද්ගලයා සමඟ පවුල ගොඩනඟමින් ගම ගොඩනඟා රට සංවර්ධනය කිරීමත්, දිළිඳුකම පිටුදකිමින් ශ්‍රී ලංකාව ආසියාවේ ආශ්චර්යමත් දේශය බවට පත් කිරීමට දායකවීම ඒකායන අරමුණ වේ.
| ශ්‍රී ලංකා සමෘද්ධි අධිකාරිය පරිපාලන වශයෙන් ව්‍යාප්තිය |
|||
|---|---|---|---|
| සමෘද්ධි වැඩසටහන ක්‍රියාත්මක | 4. කාර්ය මණ්ඩල තොරතුරු | ||
| * දිස්ත්‍රික් ගණන | 22 | 1. අධ්‍යක්ෂ/ නියෝජ්‍ය අධ්‍යක්ෂ/ සහකාර අධ්‍යක්ෂ | 16 |
| * ප්‍රා.ලේ. කොට්ඨාශ ගණන | 316 | 2. ප්‍රධාන අභ්‍යන්තර විගණක | 01 |
| * ග්‍රාම නිලධාරි වසම් ගණන | 14,008 | 3. නීති නිලධාරී | 01 |
| * බැංකු සංගම්/කලාප ගණන | 1,043 | 4. පරිපාලන නිලධාරී
|
01 |
| * මහා සංගම් ගණන | 316 | 5. ප්‍රවෘත්ති නිලධාරී | 01 |
| * සමෘද්ධි සමිති ගණන | 18,788 | 6 කළමණාකරුවන් ගණන | 2,117 |
| * සමෘද්ධී බලකා | 14,008 | 7. සමෘද්ධි සංවර්ධන නිලධාරින් ගණන | 22,135 |
| 2. සමෘද්ධී සහනාධාරලාභී පවුල් ගණන | 1,576,876 | 8. අනෙකුත් කාර්ය මණ්ඩලය | 245 |
| 3. කුඩා කණ්ඩායම් ගණන | 207,975 | ||
http://med.gov.lk/sinhala/?page_id=9214




