ශ්‍රී ලංකා දක්ෂිණ සංවර්ධන අධිකාරිය

දැක්ම

“තරැණ තරැණියන්හට  ආකර්ශණිය හා අභියෝගාත්මක ඉඩප්‍රස්ථා සලසමින් , වේගවත්ව වර්ධනය වන ආසියානු පැසිපික් කලාපයට , පිවිසුම් මාර්ගයක් ලෙස , මෙම ප්‍රදේශය විවෘත කරමින් , පාරිසරික ලෙස , ධරණිය හා සංස්කෘතිකමය වශයෙන් උද්දීපනය වූ පරිසරයක් ත̨ල , ආර්ථික වශ‍යෙන් සමෘද්ධිමත් වූ දක්ෂිණ ප්‍රදේශයක් නිර්මාණය කිරිම”

මෙහෙවර

“අභියෝගාත්මක ඉඩප්‍රස්ථාවන් ලබා ‍දෙන පරිසරයක් සහ උසස් ජීවන තත්ත්වයක් ත̨ල,ප්‍රදේශයේ සම්පත් හා අවශ්‍යතා සියුම්ව හදුනාගනිමින් හා පුද්ගලික අංශයන් හා රේඛිය නියෝජිතායතනවල සම්බන්ධීකරණයෙන්  ,  සැලසුම් කිරිමෙන් හා සංවර්ධනය කිරිමෙන් , ඉලක්කගත මට්ටමේ දළ දේශීය නිෂ්පාදන මට්ටම  සාක්ෂාත් කර ගැනිම සදහා සහාය වෙමින්  ප්‍රදේශයේ දළ දේශීය නිෂ්පාදනයේ වේගවත් වර්ධනයට දායක වීම ”

ශ්‍රී ලංකා දක්ෂිණ සංවර්ධන අධිකාරියේ බල ප්‍රදේශය

Slide1

  1. 1.  2011 වර්ෂයේ කාර්ය සාධනය

 

ශී‍්‍ර ලංකා දක්‍ෂිණ සංවර්ධන අධිකාරිය, 2011 වර්ෂයේදී දක්‍ෂිණ සංවර්ධන අධිකාරී බල ප‍්‍රදේශය තුල තෝරාගත් ගම්මාන 150 තුල,  නවතම වැඩසටහන වූ  දිවිනැගුම  හා මෙතෙක් කි‍්‍රයාත්මක වූ  “ජාතික සවිය – ගමනැගුම” සංකල්පය තවදුරටත් ඉදිරියට ගෙනයමින් වත්මන් රජයේ නව දැක්ම වන ජීවනෝපාය සංවර්ධනය හා සමාජ සංවර්ධනය තුලින් වර්ෂ 2016 වන විට සමෘද්ධිමත් ගමක් නිර්මාණය කිරීෙම්  භාරදූර්්‍යය කාර්යයට උරදෙමින්  “දිවිනැගුම” ජාතික ව්‍යාපාරයට සකී‍්‍රයව දායකවී ඇත.  මෙම දිවිනැගුම ගෘහ ආර්ථික ඒකක දශලක්‍ෂයේ වැඩසටහන යටතේ ගෘහ ඒකකයන් 15000 කගේ ආර්ථික තත්ත්වය නගාසිටුවීම අරමුණු කොටගෙන ශී‍්‍ර ලංකා දක්‍ෂිණ සංවර්ධන අධිකාරිය, දක්‍ෂිණ බල ප‍්‍රදේශය තුල ආර්ථික සංවර්ධන වැඩසටහන් කි‍්‍රයාත්මක කර ඇත.  මෙම වැඩසටහන් ප‍්‍රධාන සංරචක 03 ක් යටතේ කි‍්‍රයාත්මක කල අතර, එය කෘෂිකර්මය,  ගෘහස්ථ කර්මාන්ත, ධීවර හා පශු සම්පත් සංවර්ධනය යනුවෙන් ගොනු කොට ඇත.  මෙම සෑම වැඩසටහනක් තුලින්ම දක්‍ෂිණ ප‍්‍රදේශයේ ආහාර නිෂ්පාදනයේ අතිරික්තයක් සිදුවන අතර, එතුලින් ජනතාවගේ පෝෂණ මට්ටම ඉහලයෑමක් මෙන්ම අතිරික්තය අලෙවි කොට අමතර ආදායමක් උපයා ගැනීමේ අවස්ථාවක්ද උදාවී ඇත.  එතුලින් ග‍්‍රාමීය පවුල් ඒකකයන්ගේ ආදායම ඉහල මට්ටමකට පත්කිරීමට හැකියාවක් ලැබීම  “දිවිනැගුම” සංකල්පය යථාර්තයක් බවට පත්කිරීමට ශී‍්‍ර ලංකා දක්‍ෂිණ සංවර්ධන අධිකාරිය ගත් උත්සාහයේ ප‍්‍රතිඵලයකි.

 

එමෙන්ම, ශී‍්‍ර ලංකා දක්‍ෂිණ සංවර්ධන අධිකාරිය විසින් මෙම වසර තුල  “දිවිනැගුම” වැඩසටහනට සමගාමීව ග‍්‍රාමීය ආර්ථිකය ශක්තිමත් කිරීම සඳහා පාදක වන එනම් ගෘහස්ථ ආර්ථික ඒකක සංවර්ධන වැඩසටහන ශක්තිමත් කිරීෙම්  යටිතල පහසුකම් සංවර්ධන වැඩසටහනක්ද කි‍්‍රයාත්මක කොට ඇත.  එමෙන්ම 2011 වර්ෂය තුලදී 2010 වර්ෂයේ  “ජාතික සවිය – ගමනැගුම” වැඩසටහන යටතේ ආරම්භ කොට නිමකිරීමට නොහැකිවූ ව්‍යාපෘති රාශියක්ද නිමකිරීමට අවස්ථාව ලැබුණි.

 

2011 වර්ෂය තුල, සමස්ථ සංවර්ධන ඉලක්කයන් කරා ලගාකරවීමට  දිවිනැගුම වැඩසටහන” හා ජාතික සවිය – ගමනැගුම ජාතික වැඩසටහන යටතේ, මහා භාණ්ඩාගාරය විසින් රුපියල් මිලියන 300.5 ක මුදලක් වෙන්කර ලබාදෙන ලදී.  මෙම රුපියල් මිලියන 300.5 ක මුදල අප අධිකාරිය වෙත අනුමත කර ලබාදෙන ලද්දේ අවසාන කාර්තුෙව්  එනම්, සැප්තැම්බර් මාසයේය.  මෙලෙස වර්ෂය අවසානයේ සැලැස්ම අනුමත වීම තුලින් ශී‍්‍ර ලංකා දක්‍ෂිණ සංවර්ධන අධිකාරිය විසින් සකස් කරන ලද රුපියල් මිලියන 300.5 කින් සමන්විත වූ ආයෝජන සැලැස්ම ක්‍රියාත්මක කිරිම අපහට විශාල අභියෝගයක් විය.  එනම්,  බල ප‍්‍රදේශය තුල, අදාල සංවර්ධන ව්‍යාපෘති කඩිනමින් ආරම්භ කර, මෙම වර්ෂය තුලම නිමකිරීෙම්  කාර්යයයි.  මෙවන් තත්ත්වයක් යටතේ වෙන්කරන ලද රුපියල් මිලියන 300.5 න්, රුපියල් මිලියන 152.26 ක් වැය කරමින්, වසර අවසාන වන විට 50.67% ක මූල්‍ය ප‍්‍රගතියක් හා 50.47% ක භෞතික ප‍්‍රගතියක් ලබාගැනීමට හැකිවීම අප ලද විශාල ජයග‍්‍රහණයකි.  ෙම්  ආකාරයට 2011 වර්ෂයේ  “දිවිනැගුම” ගෘහස්ථ ආර්ථික ඒකක නංවාලීමේ  වැඩසටහන තුලින් සහ  “ජාතික සවිය – ගමනැගුම” ජාතික වැඩසටහන යටතේ ව්‍්‍යාපෘති කි‍්‍රයාත්මක කිරීමේ  මූල්‍යය ප‍්‍රගතිය ආයෝජන සැලැස්මට අනුව පහත ආකාරයට දැක්විය හැකිය.

ඉහත දක්වා ඇති මූල්‍යය ප‍්‍රගතිය ලගාකරගැනීම සඳහා 2011 වර්ෂයේ තෝරාගත් ගම්මාන තුල, හඳුනාගන්නා ලද, ව්‍යාපෘති 1048 ක් කි‍්‍රයාත්මක කරන ලදී.  මෙම සියලුම ව්‍යාපෘති කි‍්‍රයාත්මක කිරීෙම් දී මහා භාණ්ඩාගාරය වෙතින් ලද ප‍්‍රතිපාදන උපරිම ආකාරයෙන් යොදාගත් අතර,  ව්‍යාපෘති 529 ක් වසර අවසාන වනවිට සම්පූර්ණයෙන් නිමකිරීමට හැකියාව ලැබුණි.  මෙය 2011 වර්ෂයේ අප අධිකාරිය වෙත මූල්‍ය ප‍්‍රතිපාදන වෙන්කල කාලසීමාව හා සසඳා බැලීෙම් දී ඉහල කාර්ය සාධනයක් ලෙසද දැක්විය හැකිය.

 

ශී‍්‍ර ලංකා දක්‍ෂිණ සංවර්ධන අධිකාරිය, 2011 වර්ෂයේදී දක්‍ෂිණ සංවර්ධන අධිකාරී බලප‍්‍රදේශය තුල තෝරාගත් ගම්මාන 150 ක සංවර්ධන ව්‍යාපෘති කි‍්‍රයාත්මක කිරීම තුලින්, දක්‍ෂිණ බල ප‍්‍රදේශයේ ග‍්‍රාමීය යටිතල පහසුකම් දියුණු කරමින්,  ග‍්‍රාමීය ජනතාවගේ ජීවන රටාව සැලකිය යුතු මට්ටමකින් නගාසිටුවීමට අවශ්‍ය මාර්ගෝපදේශ හා විවිධ පහසුකම්  ලබාදීමෙනුත්, ජනතාවගේ සාමාජයීය මට්ටම දියුණුකිරීමට අවශ්‍ය වටපිටාවක් ගම තුල නිර්මාණය කිරීම සිදුකරන ලද අතර, එම තත්ත්වය, ප‍්‍රධාන සංරචක තුන වන ගෘහස්ථ කර්මාන්ත, කෘෂිකර්මය හා ධීවර හා පශු සම්පත් සංවර්ධනය යටතේ පහත ආකාරයට පැහැදිලි කල හැක.

 

ග‍්‍රාමිය ජනතාවගේ ජිවනෝපාය නගාසිටුවිම  මහින්ද චින්තනයේ” එක් මූලික අරමූණකි. ග‍්‍රාමිය ජනතාවගේ ආර්ථිකය නගාසිටුවා සුභසාධන සංකල්පයෙන් බැහැර විය යුතුය යන්න එහි ගැඹුරු අදහසයි. ෙම් අනුව,  ග‍්‍රාමිය සම්පත් පදනම උපයෝගී කරගනිමින් ජීවනෝපාය සංවර්ධන ව්‍යාපෘති කි‍්‍රයාත්මක කිරීම තුලින් ග‍්‍රාමීය ජනතාවගේ අදායම ඉහල මට්ටමකට ගෙන ඒමට හැකියාව ලැබුණි.  එමෙන්ම, ග‍්‍රාමීය නිෂ්පාදන වර්ධනය තුලින් ර‍ටේ දල දේශිය නිෂ්පාදනයට රුපියල්  මිලියන 150  ක පමණ දායකත්වයක් ලබා දීමටද හැකියාව ලැබුණි. මෙම කාර්යය ඉටුකිරීමට කර්මාන්ත සංවර්ධන,  වැවිලි කර්මාන්ත සංවර්ධන, කාෂිකර්මාන්ත හා සත්වපාලන සංවර්ධන, මානව සම්පත් සංවර්ධන, ධීවර කර්මාන්ත සංවර්ධන ව්‍යාපෘති හා ඉඩම් ඵලදායීතා සංවර්ධන ව්‍යාපෘති යන ආංශිකයන් යටතේ කි‍්‍රයාත්මක කරන ලදී.

 

 

 

1.1    කර්මාන්ත සංවර්ධන ව්‍යාපෘති

  • ව්‍යාවසායකත්ව සංවර්ධන සහ තාක්‍ෂණික හුවමාරු වැඩසටහන

මේ  යටතේ තෝරාගත් ගම්මාන 150 ක් තුළ තෝරාගත් ප‍්‍රතිලාභීන් සඳහා කර්මාන්ත, ව්‍යාපාර සංවර්ධනය පිළිබඳ මූලික දැනුවත් කිරීම, ව්‍යාවසායකත්ව සංවර්ධන සහ තාක්‍ෂණික හුවමාරු වැඩසටහන් පවත්වන ලදි. මෙම වැඩසටහන්වලට සහභාගීවූ ප‍්‍රතිලාභීන්ගේ දක්‍ෂතා සහ අවශ්‍යතා සැළකිල්ලට ගෙන ප‍්‍රතිලාභීන් 422 ක්  වෙනුවෙන් රු.මි. 2.9 ක වියදමින් ඔවුන්ගේ ව්‍යාපාර සඳහා අවශ්‍ය උපකරණ ලබාදී  ඇත.

 

මීට අමතරව දිවිනැගුම විශේෂ ව්‍යාපෘතියක් ලෙස මාතර දිස්ත‍්‍රික්කයේ පලොල්පිටිය ගම්මානයේ බට කර්මාන්තකරුවන් සඳහා හැඳුනුම්පත් ලබාදීම හා ඔවුන්ගේ පොදු සේවා මධ්‍යස්ථාන ගොඩනැගිල්ලට විදුලිය ලබාදීම සඳහා රු. 50,000/-ක වියදමක් දරන ලදි.  මෙම ගොඩනැගිල්ලට ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලයෙන් රු. ලක්‍ෂ 2 ක් පමණ වටිනා යන්ත‍්‍ර උපකරණ ලබාදෙන ලදි.

ඉහත සඳහන් ව්‍යාපෘති ඇසුරෙන් තමන්ගේ ජීවනෝපාය සංවර්ධනය සලසා ගෙන ඇති ව්‍යවසායෙකුගේ සාමාන්‍ය මාසික  ආදායම රු. 35,000/- ක් වන අතර, මාසික ලාභය  රු. 7,000/- ක්  පමණ ෙව්.


 

  • ග‍්‍රාමීය කාන්තාවන්ගේ ආහාර නිෂ්පාදන ව්‍යවසායයන් සංවර්ධනය  කිරීෙම්  වැඩසටහන

 

මෙම වැඩසටහන සාර්ක් අරමුදලේ අනුග‍්‍රහයෙන් ප‍්‍රැක්ටිකල් ඇක්ෂන් ආයතනය  සහ  ඒකාබද්ධව ක‍්‍රියාත්මක කෙරේ. 2011 වසර තුළ මෙම වැඩසටහන සඳහා දක්‍ෂිණ ප‍්‍රදේශයෙන්  ප‍්‍රතිලාභීන්  350 දෙනෙකු තෝරා ගෙන ඇත.  ෙම් අතරින් 120 දෙනෙකු සඳහා ආහාර  නිෂ්පාදන කේෂත‍්‍රයේ දේශීය  තාක්‍ෂණික පුහුණුවීම් කල 48 දෙනෙකු සඳහා විදේශීය තාක්‍ෂණික පුහුණුවීම්  ද, ඉන්දියාවේ දී ලබාදෙන  ලදි.

 


  •  foaYsh rilejs,s ksIamdok ;dÌKsl mqyqkq jevigykla meje;aùu – l;r.u

දේශීය සහ විදේශීය අලෙවි ප‍්‍රදර්ශන සහ වෙළඳපොළ සඳහා ව්‍යවසායිකාවන් 35 දෙනෙකු සහභාගී  කරවන ලද අතර, එක් අයෙකුගේ එක් දිනක සාමාන්‍ය ආදායම රු. 50,000/- ක්  පමණ විය.  පස්  දෙනෙකු සඳහා අඛණ්ඩ විදේශීය ඇණවුම්  ලැබීය. සමස්ථ වැඩසටහනේ එක් ප‍්‍රතිලාභියකුගේ  සාමාන්‍ය  මාසික ආදායම රු. 50,000/- ක් පමණ වන අතර, එක්  අයෙකුගේ මාසික ලාභය  රු. 10,000/- පමණ ෙව්.  මීට අමතරව මෙම වැඩසටහන යටතේ දක්‍ෂිණ සංවර්ධන අධිකාරියේ ක්‍ෂේත‍්‍ර  නිළධාරීන් 10 දෙනෙකු ඉන්දියාෙව් කාන්තා ව්‍යාපාර සංවර්ධනය පිළිබඳ අධ්‍යයන චාරිකාවක යොදවන ලදි. වැඩසටහනේ සමස්ථ වියදම රු. මිළියන 10 ක් පමණ වන අතරල එම සියඵ වියදම්  සාර්ක් සංවර්ධන අරමුදල් යටතේ ප‍්‍රැක්ට‍්‍රිකල් ඇක්ෂන් ආයතනය  යොදවන ලදි.

 

  • ග‍්‍රාමීය  කර්මාන්ත ව්‍යාපාර  සඳහා  බැංකු මූල්‍ය  පහසුකම් ලබාදීෙම්  වැඩසටහන

ශ‍්‍රී ලංකා මහ බැංකුව සමග ක‍්‍රියාත්මක කරන ලද මෙම වැඩසටහන යටතේ ශ‍්‍රී ලංකා මහ බැංකුෙව් ප‍්‍රතිපාදන යටතේ  කර්මාන්තකරුවන්  දැනුවත්  කිරීෙම් එක්  දින වැඩසටහන්  28  ක් රු. 140,000/- ක  වියදමින් පවත්වා ඇත.  මෙම වැඩසටහන්වලට සහභාගී වූ ව්‍යවසායකයින් 66 දෙනෙකුගේ විවිධ කර්මාන්තල ව්‍යාපාර සඳහා රු. මිළයන  6.84 ක ණය මුදල් ලබාදී ඇත.  එම එක් ව්‍යාපාරිකයෙකුගේ සාමාන්‍ය මාසික ආදායම රු. 50,000/- ක් පමණ වන අතර, මාසික ලාභය රු. 10,000/- ක් පමණ ෙව්.

 

  • දක්‍ෂිණ  ප‍්‍රදේශයේ  කොහු නිෂ්පාදන ඒකක සංවර්ධන වැඩසටහන

ධංේප සහ රුහුණු ආර්ථික  සංවර්ධන කාර්යාංශයේ අරමුදල් යටතේ දක්‍ෂිණ ප‍්‍රදේශයේ කොහු  නිෂ්පාදන ඒකක 30 ක් මෙම වැඩසටහන යටතේ සංවර්ධනය සඳහා තෝරා ගන්නා  ලදි. මෙම  ඒකක සඳහා ලුණුවිල සහ දුන්කන්නාව ප‍්‍රදේශයේ දී තාක්‍ෂණික පුහුණුවීම්  සහ ‍කේෂත්‍ර පුහුණු චාරිකාද, කළමණාකරණ සංවර්ධන පුහුණුවීම් ද ලබාදී  ඇත. වියදම රු. 180,000/- ක්  පමණ  විය. මෙම  පුහුණුවීම්  ඇසුරෙන් කොහු නිෂ්පාදන ඒකකවල නිෂ්පාදන ධාරිතාවය වැඩි කරගැනීමට දල නිෂ්පාදන  වියදම්  අඩු කරගැනීමටද හැකි වී ඇත.  එමගින්  එක් ඒකකයක මාසික  ලාභය රු: 5,000/- කින්  පමණ වැඩි කරගෙන ඇත. දැනට  මෙම ව්‍යාපෘති සංවර්ධනය  සඳහා  අවශ්‍ය  මූල්‍ය  පහසුකම්  සඳහා අදාල  බැංකු ආයතනවලට යොමු කර ඇත.

 

 

1.1.1 වැවිලි කර්මාන්ත සංවර්ධන ව්‍යාපෘති  ( දිවිනැගුම )

 

  • තේ පැළ තවාන්  සංවර්ධන වැඩසටහන

දිවිනැගුම  වැඩසටහන යටතේ ග‍්‍රාමීය තේ ආර්ථිකයට විශාල දායකත්වයක් ලබාදෙමින් ගෙවතු වගා සංවර්ධනය සදහා අවශ්‍ය වන තේ පැළ ගම්මානය තුළින් සපයාගැනිමට තේ වගාකරුවන්ට අවස්ථාව ලබාදෙමින් තේ පැළ තවාන් සංවර්ධන වැඩසටහන ක‍්‍රියාත්මක කරන ලදි. මෙම වැඩසටහන තූලින් වැඩි නිෂ්පාදනයක් සහිත තේ ක්ලෝන වලින් යුත්ත තේ පැළ නිෂ්පාදනය කරගැනිමට අවශ්‍යය තාක්‍ෂණික දැනුම හා උපදෙස් තේ තවාන්කරුවන්ට ලබාදිමද රෝපණ දුව්‍ය සදහා අවශ්‍යය තේ රිකිලි සහ තේ පැළ සකස් කිරීම සදහා අවශ්‍යය පොලිතීන් බෑග් (එක් ප‍්‍රතිලාභීයෙක් සදහා බෑග් 3000 බැගින්  සැපයීමද සිදු කරන ලදි.  මෙම වැඩසටහන යටතේ ප‍්‍රතිලාභීන් 101 කගේ පමණ ආදායම ඉහල නැංවිමට අවස්ථාව උදාවන අතර, කුඩා තේ වතු සංවර්ධන අධිකාරිය විසින් තාක්‍ෂණික දැනුම ලබාදීම හා උසස් තත්ත්වයේ රෝපණ ද්‍රව්‍ය  සපයාගැනීමට ක‍්‍රියාකාරිව දායකත්වය සපයන ලදි. එමෙන්ම ෙම් තූලින් වැඩි නිෂ්පාදනයක් සහිත උසස් තත්ත්වයේ තේ ක්ලෝන පැළ 303000 ක් නිෂ්පාදනය කිරීමද අපේක්‍ෂා කරයි. එමෙන්ම මෙම පැළ ගම්මානයේ කුඩා තේ හිමියන් විසින් වගාකරවීම තූලින් වසර 03 කින් පමණ තේ දඵ නිෂ්පාදනය ආරමිභ වීමත් සමග දළ වශයෙන් මිලියන 01 කින් පමණ කුඩා තේ වතුහිමියන්ගේ ආදායම ඉහල නැංවිමට අපේක්‍ෂා කරන අතර එම අගය වසර 05 කින් පමණ මිලියන 16 පමණ දක්වා දීර්ඝකාලීනව ඉහල නැංවිමට අපේක්‍ෂා කරයි.

 

 

 

 

 

w;=r,sh ;,y.u f;a me< ;jdk

 

 

  • නව තේ වගා වැඩසටහන

 

දිවිනැගුම වැඩසටහන යටතේ ග‍්‍රාමීය තේ ආර්ථිකයට විශාල දායකත්වයක් ලබාදෙමින් අඩු ආදායම්ලාභී කුඩා ඉඩම් හිමියන් (තේ වගාවට සුදුසු පර්. 20 හෝ ඊට අඩු * තේ වගාව සදහා යොමු කිරීම සදහා මෙම වැඩසටහන ක‍්‍රියාත්මක කරන ලදි.  ෙම් යටතේ වැඩි නිෂ්පාදනයක් සහිත උසස් වර්ගයේ තේ පැළ 230015 ක් ප‍්‍රතිලාභීන් 415 ක් සදහා  ලබාදීම සිදුකරන ලදි. මෙහිදී කුඩා තේ වතු සංවර්ධන අධිකාරිය ගොවීන් සදහා අවශ්‍ය තාක්‍ෂණික උපදෙස් ලබාදීමල වගාව සදහා සුදුසු පැළ ලබාගැනීමට තවාන් නිම කිරීම හා සුදුසු පැළ සපයාගැනීමට අවශ්‍ය කටයුතු සිදුකිරීම සදහා සහයෝගය ලබාදෙන ලදි. එමෙන්ම මෙම වැඩසටහන තූලින් කෙටිකාලිනව වසර 03 කින් පමණ රු. මිලියන 1.5 ක පමණ වාර්ෂික ආදායමක් ලබාගත හැකි වන අතර එය ක‍්‍රමයෙන් වැඩිවී වසර 05 කින් පමණ එය රු. මිලියන 25 ක් දක්වා වර්ධනය කරගැනිමට  අපේක්‍ෂා කරයි.

 

  • තේ වගා පුනරුත්ථාපනය

 

“දිවිනැගුම” වැඩසටහන යටතේ ග‍්‍රාමීය තේ ආර්ථිකයට විශාල දායකත්වයක් ලබාදීෙම් අරමුණින් තේ වගා පුනරුත්ථාපන වැඩසටහන ක‍්‍රියාත්මක කරන ලදි.  යටතේ කුඩා තේ වතු සංවර්ධනය කොට ඔවුන්ගේ ආදායම් මට්ටම ඉහළ නැංවීම අරමුණෙව්. ෙම්  සදහා ඉඩම්වල වල් පැලෑටි මර්ධනය, පාංශු සංරක්‍ෂණය, අවශ්‍ය සෙවන සැපයීම, පාඵ පැළ සිටුවීම හා අවශ්‍ය තාක්‍ෂණික දැනුම ලබාදෙමින් දීර්ඝකාලීන ලෙස ප‍්‍රතිලාභීන්ගේ ආදායම් මට්ටම ඉහළ නැංවීමට අවශ්‍යය කටයුතූ සිදුකරනු ලබයි.  මෙහිදි පාඵ පැල සිටුවීම සදහා අවශ්‍ය පැළ සැපයීමත් ඉඩම්  ශුද්ධ කිරීම පාංශු සංරක්‍ෂණය හා පාඵ සිටුවීම සදහා මුල්‍ය ආධාර සැපයිමත් සිදුකරන ලද අතර, ප‍්‍රතිලාභීන් 337 ක් ප‍්‍රතිලාභ ලබාගන්නා ලදි. එමෙන්ම කුඩා තේ වතු සංවර්ධන අධිකාරිය ගොවීන් සදහා අවශ්‍ය තාක්‍ෂණික උපදෙස් ලබාදීම, වගාව සඳහා සුදුසු පැළ ලබාගැනීමට තවාන් නිම කිරීම හා සුදුසු පැළ සපයාගැනීමට අවශ්‍ය මැදිහත්වීම ලබා දෙන ලදි.  මෙමගින් වාර්ෂික තේ දඵ නිෂ්පාදනය වැඩිවීම දළ වශයෙන් ලක්‍ෂ 3 කින් පමණ වැඩිකිරිමටත් රු. මිලියන 01 ක පමණ ආදායම් වැඩිකිරිමටත් වසර 05 කින් පමණ මිලියන 04 ක පමණ ආදායම් වැඩිකිරිමටත්  අපේක්‍ෂා කරයි.

 

  • කුරුදූ තැඵම්  පුහුණුව හා උපකරණ සැපයීම 

 

දිවිනැගුම” වැඩසටහන යටතේ ග‍්‍රාමීය ආර්ථිකයට විශාල දායකත්වයක් ලබාදෙමින් කුරුදූ වගාකරුවන්ගේ ආදායම ඉහල නැංවීෙම්  අරමුනින් මෙම වැඩසටහන ක‍්‍රියාත්මක කරන ලදි. ෙම් යටතේ උසස් තත්ත්වයෙන් සකස් කල කූරුු නිෂ්පාදන දේශීය හා විදේශිය වෙළදපොලට යොමු කිරීමෙන් වැඩි ආදායමක් ලබාගැනීමට අවස්ථාව උදාකරවිම සඳහා කූරුු වගාකරුවන්ට තූරුදු තැලීම පිලිබද නව තාක්‍ෂණික දැනුම ලබාදීමත් ඒ සදහා අවශ්‍ය උපකරණ ලබාදීමත් සිුකරන ලදි .එමෙන්ම මෙම වැඩසටහන තූලින් ප‍්‍රතිලාභීන් 83 කගේ පමණ ආදායම ඉහල නැංවිමට අවස්ථාව උදාවන අතර, අපනයන කෘෂිකර්ම දෙපාර්තෙම්න්තුව මගින් තාක්‍ෂණික පුුහුණුව ලබාදීමට අවශ්‍යය සහාය ලබාදෙන අතර, වසරකට දළ දේශිය නිෂ්පාදනයට 0.3 ක පමණ දායකත්වයක් ලබාදීමට අපේක්‍ෂා කෙරේ.

 

 

  • ගෙවතු පොල් සදහා රසායනික පොහොර ලබාදීම

 

දකුණු පළාත තුළ පොල් ඉඩම් හිමියන් මුහුණදුන් පොල් කොළ මැලවීෙම් හා පොල් කොළ කුණුවීෙම් රෝගයට කෙටිකාලින පියවරක් ලෙස රසායනික පොහොර යෙදීමට ගොවීන් යොමු කරවීෙම් අරමුණින් මෙම වැඩසටහන කී‍්‍රියාත්මක කරන ලදි. මෙම රෝගය නිසා පොල් ගස් ලක්‍ෂ 03 කට අධික ප‍්‍රමාණයක් ඉවත් කිරීමට සිදුව ඇති අතර, දකුණු පළාත තුළ පොල් නිෂ්පාදනය වැඩිකිරීම සදහා කෙටිකාලීන පියවරක් ලෙස ගොවීන් සදහා රසායනික පොහොර ලබාදිමත් එම රසායනික පොහොර යෙදීමට ගොවීන් යොමු කිරීමත්, ගොවීන් සදහා පොල් ගස් නඩත්තුව, පොහොර යෙදීම, ලෙඩ රෝග හදුනාගැනීම හා ඒ සඳහා පිළියම්  යෙදීම පිළිබද දැනුමක් ලබාදීමත් සිදුකරන ලද අතර, පොල් සංවර්ධන මණ්ඩලය විසින් එම තාක්‍ෂණික  දැනුම ලබා දෙන ලදි.  එමෙන්ම මෙම වැඩසටහන තූලින් ප‍්‍රතිලාභීන් 5563 ක් ප‍්‍රතිලාභ ලබාගත් අතර මෙමගින්  වාර්ෂික පොල් නිෂ්පාදනය 10% කින් පමණ වැඩිකිරිමත් ඒ අනුව රු. මිලියන 12 ක පමණ වාර්ෂිික ආදායමක් ලැබීමත් පොල් නිෂ්පාදනය වර්ෂය තුළ ගෙඩි ලක්‍ෂ 06 කින් පමණ වැඩිකිරිමත් අපේක්‍ෂා කරයි.

 

  • කුරුදු වගා පුනරුත්ථාපනය

 

“දිවිනැගුම” වැඩසටහන යටතේ ග‍්‍රාමීය ආර්ථිකයට විශාල දායකත්වයක් ලබාදීෙම් අරමුණින් කුරුදු වගා පුනරුත්ථාපන වැඩසටහන ක‍්‍රියාත්මක කරන ලදි.  මේ යටතේ ප‍්‍රතිලාභීන් 64 ගේ කුඩා කුරුදු ඉඩම් සංවර්ධනය කොට ඔවුන්ගේ ආදායම්  මට්ටම ඉහළ නැංවීමේ අරමුණින් ඉඩම්වල වල් පැලෑටි මර්ධනයල පාංශු සංරක්‍ෂණය, අවශ්‍ය සෙවන සැපයීමල පාඵ  පැළ සිටුවීම හා අවශ්‍ය තාක්‍ෂණික දැනුම ලබාදීම සදහා මුල්‍ය ආධාර ලබාදෙන ලදි. මෙහිදි අපනයන කෘෂිකර්ම දෙපාර්තෙම්න්තුව විසින් ගොවීන් සදහා අවශ්‍ය තාක්‍ෂණික උපදෙස් ලබාදීමල වගාව සදහා සුදුසු පැළ ලබාගැනීමට තවාන් නම‘ කිරීම හා සුදුසු පැළ සපයාගැනීමට අවශ්‍ය කටයුතු සිදුකිරීම කරන ලදි. කුරුදු නිෂ්පාදන වැඩිවීම නිසා දීර්ඝකාලීන ලෙස ප‍්‍රතිලාභීන්ගේ වාර්ෂික ආදායම මිලියන 0.5 සිට මිලියන 2 දක්වා වැඩිකර ගැනීමට අපේක්‍ෂා කරන අතර මෙම නිෂ්පාදන විදේශ වෙළදපොළ  විදේශ විනිමය සොයන මාර්ගයක් වෙ.

 

 

 

 

 

 

ylauK l=re|q ;e:Zuzlrejka

 

 

 

  • කුරුදු නව වගාව

 

“දිවිනැගුම” වැඩසටහන යටතේ ග‍්‍රාමීය ආර්ථිකයට විශාල දායකත්වයක් ලබාදෙමින් අඩු ආදායම් ලාභී කුඩා ඉඩම් හිමියන් (කූරුු වගාවට සුදුසු පර්. 20 හෝ ඊට අඩු) කූරුදු  වගාව සඳහා යොමු කිරීම සඳහා මෙම වැඩසටහන ක‍්‍රියාත්මක කරන ලදි.  ෙම් යටතේ උසස් තත්්ත්වයේ කුරුදු පැළ 16175 ක් ප‍්‍රතිලාභීන් 22 ක් සදහා ලබාදෙන ලදි. මෙහිදි අපනයන කෘෂිකර්ම දෙපාර්තෙම්න්තුව විසින් ගොවීන් සඳහා අවශ්‍ය තාක්‍ෂණික උපදෙස් ලබාදීම, වගාව සදහා සුදුසු පැළ ලබාගැනීමට තවාන් නිම කිරීම හා සුදුසු පැළ සපයාගැනීමට අවශ්‍ය මැදිහත් වීම ලබාදෙන ලදි. ප‍්‍රතිලාභීන් වෙත දළ වශයෙන් වසර 03 කින් පමණ මිලියන 0.2 ක පමණ ආදායමක් ලබාගත හැකි අතර වසර 05 කින් පමණ ක‍්‍රමයෙන් එය මිලියන 0.6 ක පමණ ආදායමක් ලබාගත හැකි වන අතර, මෙයින් දීර්ඝකාලීනව ආදායම් ලබාගත හැකි වන අතරල මෙය විදේශ විනිමය උපයන මාර්ගයක් ද ෙව්.

 

  • කිතුල් ආශ‍්‍රිත නිෂ්පාදන සංවර්ධන වැඩසටහන 

 

කිතුල් බහුලව පවතින ගම්මානවල සිටින ප‍්‍රතිලාභීන් වෙත ඔවුන්ගේ පාරම්පරික කර්මාන්ත වැඩිදියුණු කර ගැනීම සදහා තාක්‍ෂණික දැනුම ලබාදී නිෂ්පාදන ධාරිතාව වැඩිකිරීම හා නිෂ්පාදන තත්ත්ව වැඩිදියුුණු කිරීමත් ඒ සදහා අවශ්‍ය උපකරණ ලබාදීමත් තාක්‍ෂණික පුහුණුව හා මල් පදම් කිරීමට අවශ්‍ය ද්‍රව්‍ය හා උපකරණ ලබාදීමත් කිතුල් ආශ‍්‍රිත නිෂ්පාදන සංවර්ධන වැඩසටහන යටතේ සිුකරන ලදි. මේ යටතේ ප‍්‍රතිලාභීන් 101 ක් ප‍්‍රතිලාභ ලබාගත් අතර කාර්මික සංවර්ධන මණ්ඩලය මගින් තාක්‍ෂණික පුහුණුව ලබාදෙන ලදි.  නිෂ්පාදන ධාරිතාව හා නිෂ්පාදන තත්ත්ව වැඩිදියුණු කරගැනීම හා දළ වශයෙන් දළ දේශිය නිෂ්පාදනය මිලියන 0.4 ක් පමණ වැඩිවීම හා උසස් නිෂ්පාදන විදේශ වෙළදපොළ කරා යොමු කිරීමෙන් වැඩි ආදායමක් ලබාගැනීමට අපේක්‍ෂා කරයි.

 

  • ගම්මිරිස් වගා ව්‍යාපෘතිය

 

පොල් ඉඩම් වල ඵලදායිතාව වැඩිකරමින් අමතර ආදායමක් ලබාගැනිෙම්  අරමුනින් පොල් ඉඩම් වල අතුරු භෝග වැඩසටහන හදුන්වා දී ඇත. මෙහිදි තෝරාගත් පොල් ඉඩම්වල එනම් අතුරු බෝග වගාවක් ලෙස වැඩිදියුණු කළ හැකි ඉඩම්වල ගම්මිරිස් වගා කොට අමතර ආදායමක් ලබාගැනිමට ගොවීන් උනන්දු කරමින් තෝරාගත් ප‍්‍රතිලාභීන් 109 කට අවශ්‍යය තාක්‍ෂණික පුහුණුව හා ගමිමිරිස් පැළ ලබාදීම මේ යටතේ සිදුකරන ලදි. මෙහිදි අපනයන කෘෂිකර්ම දෙපාර්තෙම්න්තුව විසින් ගොවීන් සදහා අවශ්‍ය තාක්‍ෂණික උපදෙස් හා අත්පොත් ලබාදීම සහ වගාව සඳහා සුදුසු පැළ සපයාගැනීමට අවශ්‍යය මැදිගත් වීම ලබා දෙන ලදී. මෙතූලින් වසර 03 කින් පමණ රු.මිලියන 0.5 කින් පමණ ආදායමක් ලබාගත හැකි අතර, එය වසර 05 ක් පමණ වන විට මිලියන 0.4 දක්වා වැඩි වන අතර, මෙයින් දීර්ඝකාලීන ආදායම්  හා විදේශ විනිමය උපයාගත හැකි වනු ඇත.

 

 

 

 

 

  • බුලත් වගා ව්‍යාපෘතිය

 

මොණරාගල දිස්ත‍්‍රික්කයේ සියඹලාණ්ඩුව ප‍්‍රදේශයේ අවශ්‍යතාවය සදහා අවශ්‍ය බුලත් සපයාගැනීමට බුලත් වගාව හදුන්වාදීම ෙම් යටතේ සිදුකරන ලදි. මෙහිදි ගොවින්ට අමතර ආදායම්  ලබාගැනීම සදහා මාර්ග සැළසීම අරමූණු කරගෙන ප‍්‍රතිලාභීන් 100 කට බුලත් පැළ ලබාදීම සිදුකරන ලදිග එමෙන්ම අපනයන කෘෂිකර්ම දෙපාර්ත ෙම්න්තුව විසින් ගොවීන් සදහා අවශ්‍ය තාක්‍ෂණික උපදෙස් ලබාදීම හා ගොවීන්ට වගාව සදහා සුදුසු පැළ සපයාගැනීමට අවශ්‍යය මැදිහත්වීම ලබාදෙන ලදිග මෙතූලින් වසර 02 කින් පමණ වසරකට රු.0.06 පමණ ආදායමක් ලබාගත හැකි වන අතර ගොවීන්ගේ දෛනික අවශ්‍යතාවය සදහා බුලත් ප‍්‍රයෝජනයට ගත හැක.

 

  • තැඹිලි වගා ව්‍යාපෘතිය

 

මොණරාගල දිස්ත‍්‍රික්කයේ අදාළ ගම්මානවල ප‍්‍රතිලාභීන්ගේ පරිභෝජනය සදහා අවශ්‍ය තැඹලි සපයා ගැනීමටත් අමතර ආදායමක් ලබාගැනීම සදහා මෙම වැඩසටහන ක‍්‍රියාත්මක කර ඇත.  මේ  යටතේ තැඹිලි පැළ ලබාදීම ප‍්‍රතිලාභීන් 120 දෙනෙකූට ලබා දෙන ලදි. එමෙන්ම පොල් සංවර්ධන මණ්ඩලය විසින් පැළ සපයාගැනීම සඳහා සහාය විම සිදුකරන ලදි.  මේ තූලින්  වසර 05 කින් පමණ දළ දේශිය නිෂ්පාදනයට 0.02 ක ආදායමක් ලබාගැනිමට අපේක්‍ෂිතය.

 

1.1.කෘෂිකාර්මික හා පශුසම්පත් සංවර්ධන ව්‍යාපෘති

 

  • කෘෂිකාර්මික ගොවිපල ඇති කිරීම

 

“දිවිනැගම” ව්‍යාපෘතියේ තවත් සුවිශේෂි අරමුණක් වන පවුලේ ආදායම්  තත්ත්වය ඉහල නැංවීම අරමුණූ කරගනිමින් වාණීජ කෘෂිකාර්මික ගොවිපල ඇතිකිරීමට විශේෂ අවධානයක් යොමු කල අතර, එහිදි විශේෂයෙන් එළවථ  පළතුරු වගාව හා අතිරේක බෝග වගාව කෙරෙහි අවධානය යොමුකරමින් ප‍්‍රතිලාභින් 462 ක් සදහා අවශ්‍යය එළවඵ හා  පළතුරු පැල ලබා දෙන ලදි.  මෙමගින් ප‍්‍රතිලාභින්ගේ ආදායම රුපියල් මිලියන 49.8 කින් පමණ වැඩිකිරිමට අපේක්‍ෂා කරයි. එමෙන්ම පවුල් ඒකකයන්ගේ ආදායම වැඩි කිරීෙම් අරමුණින් මී මැසි පාලන වැඩසටහන සහ බිම්මල් වගා වැඩසටහනද කි‍්‍රයාත්මක කරන ලද අතර. ෙම්  තූලින් ප‍්‍රතිලාභින් 314 කට ඒ සදහා අවශ්‍යය වන උපකරණ සහ ද්‍රව්‍යය ලබා දෙන ලදි.

 

  • බීජ හා පැළ සැපයුම් ඒකක

 

මෙම ව්‍යාපෘතියේ අරමුණ වුයේ දිවිනැගුම වැඩසටහන යටතේ ක‍්‍රියාත්මක වන ගම්මාන වල ප‍්‍රතිලාභීන් සදහා අවශ්‍ය වන බීජ හා පැළ නිෂ්පාදනය කිරීමයිග ෙම්  යටතේ බීජ හා පැළ සැපයුම් ඒකක 100 ක් ඇති කිරීමට ප‍්‍රතිලාභින් 462 ක් සදහා අවශ්‍යය ද්‍රව්‍යය සපයන ලද අතර අදාල ප‍්‍රතිලාභින් හදුනාගෙන බීජ සහතික කිරීමේ සේවය හා දිස්ත‍්‍රික් කෘෂීකර්ම පුහුණු මධ්‍යස්ථාන හරහා පුහුණුවීම් සිදුකරන ලදි. මෙමගින් ප‍්‍රතිලාභින්ගේ ආදායම  රුපියල් මිලියන 3.6 කින් පමණ වැඩිකිරිමට අපේක්‍ෂා කරයි.

 

  • ආරක්‍ෂිත ගෘහ/ හරිතාගාර ඇතිකිරීම

මෙමගින්ද ගම්මාන සදහා අවශ්‍ය වන බද්ධ පළතුරු පැළ හා මල් පැළ නිෂ්පාදනය අපේක්‍ෂා කරන ලද අතර, ආරක්‍ෂිත ගෘහ/ හරිතාගාර 48 ක් ඇතිකිරීෙම් අරමුණින් බද්ධ පළතුරු පැළ තවාන් 48 ක් සදහා අවශ්‍යය ද්‍රව්‍යය සපයන ලද අතර, අදාල ප‍්‍රතිලාභින් හඳුනාගෙන බීජ සහතික කිරීමේ සේවය හා දිස්ත‍්‍රික් කෘෂීකර්ම පුහුණු මධ්‍යස්ථාන හරහා පුහුණුවීම්  සිදුකරන ලදි. මෙමගින් ප‍්‍රතිලාභින්ගේ ආදායම රුපියල් මිලියන 5.76 කින් පමණ වැඩිකිරිමට අපේක්‍ෂා කරයි.

 

1.1.මානව සම්පත් සංවර්ධන ව්‍යාපෘති

 

2011 වර්ෂය තුළ පහත සඳහන් ව්‍යාපෘතින් සහ ක‍්‍රියාකාරකම් මානව සම්පත් සංවර්ධන හා පුහුණු අංශය මගින්  සෘජුව හා විවිධ රේඛීය ආයතන සමග සම්බන්ධීකරණයෙන් යුතුව කි‍්‍රයාත්මක කරන ලදී.

 

01.       2010 වර්ෂයේ  ගමනැගුම වැඩසටහනේ අවිච්ජේද වු යටිතල පහසුකම් සංවර්ධන ව්‍යාපෘති ක‍්‍රියාත්මක කිරීම,

 

2010 වර්ෂයේ ක‍්‍රියාත්මක කරන ලද ගම නැගුම වැඩසටහනේ යටිතල පහසුකම් සංවර්ධන ව්‍යාපෘති සංඛ්‍යාව සාපේක්‍ෂව ඉහළ අගයක් ගත් බැවින් අනිකුත් ආංශික මගින්ද එම ව්‍යාපෘතීන් ක‍්‍රියාත්මක කරන ලදි. ඒ අනුව, 2011 වසර ආරම්භක මාස කිහිපය තුළ පසුගිය වසරෙහි අවිච්ජේද හා උපචිත වු යටිතල පහසුකම් ව්‍යාපෘති ක‍්‍රියාත්මක කරන ලදි.

 

02.       සෞඛ්‍යය ක්‍ෂේත‍්‍රයේ රැකියා සඳහා පුහුණු ශ‍්‍රමිකයින් යොමු කිරීම,

 

ගාල්ල සමුපාකාර රෝහල සමග එක්ව පසුගිය වසරවල පුහුණු කරන ලද හෙද සහ හෙදි සහායක පුහුණුලාභීන් 20 දෙනෙකු පමණ පෞද්ගලික ආයතනවල සෞඛ්‍යය ක්‍ෂේත‍්‍රයේ රැකියා සඳහා යොමු කරන ලදී. එමගින් පෞද්ගලික ආයතනවල රැුකියා සඳහා අවශ්‍ය පුහුණු ශ‍්‍රමිකයින් සැපයීම මෙන්ම දකුණු ප‍්‍රදේශයේ විරැකියාවෙන් පෙලෙන තරුණයින්ට මාසික වේතනයක් ලබන රැකියා සඳහා යොමුවීමට අවස්ථාව ලැබී ඇත,

 

 

 

 

03.       විදේශ රැකියා සඳහා පුහුණුලාභීන් යොමු කිරීම සඳහා පුහුණු ආයතන සහ රැකියා ආයතන අතර සම්බන්ධීකරණය කිරිම,

 

ශී‍්‍ර ලංකා විදේශ සේවා කාර්යංශයේ අනුමැතිය ලද ආයතන මගින් විදේශ රැකියා සඳහා යාමට පුහුණු ශ‍්‍රමිකයින්ට අවස්ථාව සැළසීෙම්  අරමුණින් මෙම වැඩසටහන කි‍්‍රයාත්මක කරන ලදී.  ඒ අනුව විශේෂයෙන් රාජ්‍ය ආයතනවල පුහුුණුව ලද පුහුණුලාභීන් විදේශ රැකියා ලබාදෙන ආයතන වලට සම්බන්ධ කරදීම මෙම වැඩසටහන මගින් කි‍්‍රයාත්මක කරන ලදී. එමගින් දකුණේ පුහුණු ශ‍්‍රමිකයින්ට විදේශ රැකියා සඳහා යොමුවීමට අවස්ථාව සලසා ඇති අතර, විදේශ විනිමය රට තුළට ලබාගැනීමද හැකියාව ලැබී ඇත.

 

04.       සංචාරක කර්මාන්ත ක්‍ෂේත‍්‍රයේ පුහුණු පාඨමාලා සඳහා ආධුනිකයන් යොමු කිරීම,

 

මෑතකදී විශේෂ අවධානයක් යොමුකර ඇති සංචාරක කර්මාන්තයේ විවිධ රැකියා සඳහා අවශ්‍ය ශ‍්‍රමිකයින් පුහුණු කිරීම සඳහා විශේෂයෙන් කොග්ගල සහ තංගල්ල අවට ප‍්‍රදේශවල තරුණ තරුණියන් අදාළ පුහුණු ආයතන වලට යොමු කිරීම මෙම වැඩසටහන් මගින් කි‍්‍රයාත්මක කරන ලදී.  එමගින් පුහුණු ආයතන වලට අවශ්‍ය පුහුණුලාභීන් සොයා ගැනීමට සහාය වීමත්,  දක්‍ෂිණ ලංකාෙව් සංචාරක කර්මාන්ත ක්‍ෂේත්‍රයේ රැකියා සඳහා අනාගතයේදී තරුණ තරුණියන්ට යොමු වීමට අවස්ථාව සැළසීම මෙමගින් අපේක්‍ෂා කෙරේ,

 

05.       අතුරුලිය  තලහගම වෘත්තීය පුහුණු ආයතනය පවත්වාගෙන යාම.

 

මෙය ශී‍්‍ර ලංකා වෘත්තීය පුහුණු අධිකාරිය සමග දැනට වසර කිහිපයක  සිට ආරම්භ කර පවත්වාගෙන යනු ලබන ව්‍යාපෘතියකි.  මෙම පුුහුණු ආයතනයේ වසරකට සිසුන් 150ක් පමණ පුහුණු කර සේවා ස්ථාන වෙත වැඩිුර පුහුණුව සඳහා යොමු කරනු ලැෙබ්.

 

පසුගිය වසරේද විවිධ පාඨමාලා 03ක් යටතේ ආධුනිකයන් 150 දෙනෙකු පමණ පුුහුණුකර රැුකියා සඳහා යොමුකිරීමට අවශ්‍ය පදනම සලසා ඇත.  පිටිසර ප‍්‍රදේශයක පිහිටුවා තිබීම නිසා මෙම පුහුණු ආයතනයේ වැදගත්කම සාපේක්‍ෂව ඉතා ඉහළ මට්ටමක පවතී.

 

 

06.       “දිවිනැගුම” වැඩසටහනේ ප‍්‍රගතිය පිළිබඳව විස්තරාත්මක දත්ත පද්ධතියක් සකස් කිරීම.

 

අධිකාරිය මගින් 2011 වර්ෂයේ කි‍්‍රයාත්මක කළ දිවි නැගුම වැඩසටහනේ ප‍්‍රගතිය ඇතුලත් සවිස්තරාත්මක දත්ත පද්ධතියක් සකස් කරන ලදී.  එමගින් අවශ්‍ය විටෙක මෙම වැඩසටහනේ ප‍්‍රගතිය පිළිබඳ පුඵල්ව අවබෝධ කරගැනීමට පහසුකම් සළසා ඇත. මෙමගින් දිවි නැගුම වැඩසටහනේ සියලුම ප‍්‍රතිලාභීන් පිළිබඳ විස්තරාත්මකව ඇතුළත් කර ඇත.  මෙම දත්ත පද්ධතිය දිවිනැගුම වැඩසටහන ආරම්භයේ සිට මේ දක්වා යාවත්කාලීන කරමින් නඩත්තු කරගෙන යන වැඩසටහනකි.

 

1.1.4. ධිවර හා පශූ සම්පත් සංවර්ධන ව්‍යාපාති

  • පොකුණු තුළ මත්ස්‍ය වගාව ප‍්‍රචලිත කිරීම

 

2011 දිවිනැගුම සංවර්ධන වැඩසටහන යටතේ ගාල්ල සහ මාතර දිස්ත‍්‍රික්ක දෙක තුළ විවිධ ව්‍යාපෘති ගණනාවක් ක‍්‍රියාත්මක කරන ලදී. ගාල්ල දිස්ත‍්‍රික්කයේ ආහාර පිණිස පොකුණු තුළ මත්ස්‍ය වගාව ප‍්‍රචලිත කිරීෙම් අරමුණින් ප‍්‍රතිලාභීන් 06 දෙනෙකුගේ මත්ස්‍ය පොකුණුවලට අවශ්‍ය ආරක්‍ෂක ආවරණ දැල් ලබාදීම වෙනුවෙන් රු: 40,996.32 ක මුදලක් වැයකරන ලදී. එමෙන්ම, මාතර දිස්ත‍්‍රික්කයේ එවැනිම ව්‍යාපෘතිවල ප‍්‍රතිලාභීන් 04 දෙනෙකු වෙනුවෙන් පොකුණු ආරක්‍ෂක ආවරණ දැල් ලබාදීම වෙනුවෙන් රු: 20,126.16 ක මුදලක් වැයකරන ලදී.

 

ශ‍්‍රී ලංකා දක්‍ෂිණ සංවර්ධන අධිකාරිය මගින් ආරම්භ කරන ලද නව ව්‍යාපෘතියක් වන ඉපිලෙන කූඩු තුළ විසිතුරු මත්ස්‍ය වගා ව්‍යාපෘතියක් ලෙස අක්මීමණ යටගම විසිතුරු මත්ස්‍ය වගාව සඳහන් කළ හැකි අතර, එහි නව වගාකරුවන් 06 දෙනෙකු සඳහා නව ඉපිලෙන කූඩු තනාදීමට කටයුතු කළ අතරල එය අවිච්ඡේද ව්‍යාපෘතියක් ලෙස 2012 වර්ෂයේ දී ක‍්‍රියාත්මක කිරීමට නියමිතයි. ඒ වෙනුවෙන් වෙන්වන උපරිම මුදල රු: 54,000/- කි.

 

මෙම සියඵම වැඩසටහන් ක‍්‍රියාත්මක කිරීෙම්දී විශේෂයෙන්ම එක් එක් ක්‍ෂේත‍්‍රයට අදාළ රේඛීය ආයතනවල සහයෝගය ලබාගන්නා ලද අතර, ඔවුන්ගේ නිර්දේශයන් ද ෙම් සඳහා ලබාදෙන ලදී.

 

  • ජලාශ තූල මත්ස්‍ය ඇගිල්ලන්  තැන්පත් කිරීම

 

විශේෂයෙන්ම හම්බන්තොට දිස්ත‍්‍රික්කයේ තෝරාගන්නා ලද ජලාශ 04 ක මත්ස්‍ය නිෂ්පාදනය ඉහළ දැමීෙම් අරමුණින් මත්ස්‍ය ඇගිල්ලන්  59,000 ක් තැන්පත් කළ අතර, මින් ප‍්‍රතිලාභ ලබන සංඛ්‍යාව 60 කි. ශ‍්‍රී ලංකා දක්‍ෂිණ සංවර්ධන අධිකාරිය රු: 10,000/- ක මුදලක් ද දකුණු පළාත් ධීවර අමාත්‍යංශය රු: 118,000/- ක මුදලක් ද ෙම් සඳහා වැයකර ඇති අතර, ජාතික ජලජීවී වගා සංවර්ධන අධිකාරියේ සහයෝගය ද මෙම ව්‍යාපෘතියට ලබාගන්නා ලදී.

 

  • ගෙවතූ සැලසුම්කරණය

දිවිනැගුම සංවර්ධන වැඩසටහනේ මූලික අංගය වන ගෙවතු වගා සංවර්ධනය මූලික කරගෙන අප අධිකාරියේ ගම් මට්ටමින් මෙම වැඩසටහන ක‍්‍රියාත්මක කරන කලාප කළමණාකරුවන්ල ව්‍යාපෘති සම්බන්ධීකාරකවරු ඇතුඵ සමස්ථ ක්‍ෂේත‍්‍ර කාර්යය මණඩලයේ සාමාජිකයින් 117 දෙනෙකු ඉලක්ක කරගෙන සමෝධානික ගෙවත්තක් සැලසුම්කරණය, ගෙවතු පාලනය, රෝග සහ පලිබෝධ පාලනයල පාංශු සංරක්‍ෂණය ආදී සියඵම කරුණු ඇතුළත් වන පරිදි වැඩමුඵවක් පවත්වන ලද අතර,  ශ‍්‍රී ලංකා දක්‍ෂිණ සංවර්ධන අධිකාරිය ෙම් සඳහා රු: 16,900/- ක මුදලක් වැයකරන ලද අතර, වැසිවනාන්තර සුරැකීෙම් ජාත්‍යන්තර සංසදය නම් වූ රාජ්‍ය නොවන සංවිධානය ෙම් වෙනුවෙන් සම්පත් දායකත්වය ඇතුඵ අනෙකුත් පහසුකම් සැපයීම වෙනුවෙන් රු: 46,400/- ක මුදලක් වැයකරන ලදී. මෙම සමස්ථ ක‍්‍රියාකාරකම් තුළින් රෙට්. දළ දේශීය නිෂ්පාදනයේ සිදුවූ බලපෑම ගණනය කිරීම අපහසු වුවද එයට යම්කිසි දායකත්වයක් සැපයීමට පිටුවහලක් වනු ඇත.

හම්බන්තොට තිස්සමහාරාමයේ දිවිනැගුමෙන් සරුකරගත් ගෙවතු

 

 

  • කුකුළන් දැඩි කිරීෙම් ව්‍යාපෘතිය

 

ෙම් යටතේ දැනට කුකුල් පාලනය සිදුකරන ප‍්‍රතිලාභීන් සදහා දිනක් වයසැති වැඩි දියුණු කරන ලද ගම කුකුඵ පැටවුන් ලබාදී මාසයක් දක්වා වැඩීමට සලස්වාල නැවත මිළට ගෙන ගෘහස්ථ කුකුල් පාලන ව්‍යාපෘතියේ ප‍්‍රතිලාභීන් සදහා ලබාදෙන ලදි. ෙම් යටතේ කුකුළන් දැඩි කිරීමෙි ව්‍යාපෘති 31 ක් සදහා ප‍්‍රතිලාභීන් 31 කට අවශ්‍යය ්‍රව්‍ය හා උපකරණ ලබා දෙන ලදි. මෙමගින් රුපියල් මිලියන 3.72  කින් පමණ ආදායම වැඩිකිරීමට අපේක්‍ෂිතය.

 

 

 

 

දෙවිනුවර  කුකුල් පාලන  ව්‍යාපෘතිය

 

  • සත්ව අභීජනන ව්‍යාපෘතිය

 

මෙම ව්‍යාපෘතිය තූලින් එඵ හා ගව අභිජනන ව්‍යාපෘති 02 ක් ක‍්‍රීයාත්මක වන අතර එතුලින් දැනට සිටින සතුන්ගේ ආරය වැඩි දියුණූ කිරීම හා එලෙස ලැබෙන පැටවුන් ඉදිරියේදී දිවිනැගුම ගම්මාන වල ප‍්‍රතිලාභීන් සදහා ලබාදීම අරමුණු කර ගන්නා ලදි.  ෙම් අනූව එඵ අභිජනන ව්‍යාපෘතිය සඳහා ප‍්‍රතිලාභීන් 10 දෙනෙකූ තෝරා ව්‍යාපෘති 10 ක් ක‍්‍රීයාත්මක කිරීමට අවශ්‍යය ්‍රව්‍ය හා උපකරණ ලබා දෙන ලදි.  එමෙන්ම ගව අභිජනන ව්‍යාපෘතිය සදහා ප‍්‍රතිලාභීන් 24 දෙනෙකූ තෝරා ක‍්‍රීයාත්මක කිරීමට අවශ්‍යය ්‍රව්‍ය හා උපකරණ ලබා දෙන ලදි. ඉහත සත්ව පාලන ව්‍යාපෘති 02 දී අවශ්‍ය සියඵ සුුසුකම් සම්පුර්ණ නොකල එහෙත් ඉදිරියේදී ඒ සදහා යොමුකර ගත හැකි ප‍්‍රතිලාභීන්ද හදුනාගෙන වාණීජ ගොවිපල ලෙස සංවර්ධනය කරන ලදි.

 

මෙම සියඵ ප‍්‍රතිලාභීන් සදහා කැකණදුර සත්ව පාලන පුහුණු මධ්‍යස්ථානයේදී පුහුණුව ලබාදුන් අතර,  තාක්‍ෂණීක පොත්පත් සහ පත‍්‍රිකා ද ලබාදෙන ලද අතර, මඩු සාදා ගැනීම සදහා අවශ්‍ය ්‍රව්‍යල ජල හා ආහාර බදුන් හා සතුන් ලබාදීම සිුකරන ලදි.  මෙමගින් රුපියල් මිලියන 1.76  කින් පමණ ආදායම වැඩිකිරීමට අපේක්‍ෂිතය.

 

 

  • ගෘහස්ථ සත්ව පාලන වැඩසටහන

 

 

මෙම වැඩසටහන පවුලේ පෝෂණය ඉහල නැංවීම අරමුණූ කරගනිමින් ක‍්‍රියාත්මක කරන ලදි. ෙම් යටතේ එක් පවුලක් සදහා දේශීයව වැඩිදියුණු කරන ලද මසක් වයසැති කිකිළි පැටවුන් 10 දෙනෙක් සහ වර්ග අඩි 25 ක පමණ කූඩුවක් තනා ගැනීම සදහා සෙවිලි තහඩු 03 ක් හා කුකුල් දැල් වර්ග අඩි 45 බැගින් පහත පරිදි ලබාදෙන ලදි. මෙමගින් ප්‍රතිලාභීන් 462 දෙනෙකූ ප්‍රතිලාභ ලබාගත් අතර මෙම ව්‍යාපෘතියට අදාල ප්‍රතිලාභීන් තේරීෙම්දී හා පුහුණූ කිරීෙම්දී සත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්ත ෙම්න්තුවෙ පශු වෛද්‍ය නිළධාරීන් හා සත්ව සංවර්ධන නිළධාරීන් සහාය ලබාදෙන ලදි.

 

1.1.ඉඩම්  ඵලදායිතා වැඩසටහන  (අවිච්ජේද ව්‍යාපෘති) 

 

2010 වර්ෂයේ ආරම්භ කරන ලද මෙම වැඩසටහනල 2011 වර්ෂයේ මාර්තු මස වනවිට අවසන් කළ හැකි විය.  මෙම ව්‍යාපෘතිය මගින් තම ඉඩම සහ ගෙවත්ත කෙටිකාලීනල මැදිකාලීන සහ දිගුකාලීන වශයෙන් වසර පුරා ආදායම් ලබන වගා බිමක් බවට පත්කිරීම අපේක්‍ෂා කරන ලදී.   “ජාතික සවිය ගමනැගුම” වැඩසටහන යටතේ ගම්මාන 150 හි ගොවි පවුල් 600 ක ඉඩම් මෙලෙස ඵලදායී ලෙස සංවර්ධනය කිරීමට යොමු කරවන ලදී.

ඉඩම් ඵලදායීතාවය – ගාල්ල

මෙම වැඩසටහන තුලින් තමන්ගේ ගෙවත්ත වගාකිරීමට යොමු කරවීමටත්, ඔවුන් දිරිමත් කිරීම සඳහා එක් දිස්ත්‍රික්කයකින් හොඳම ගොවීන් තිදෙනෙක් තෝරා ඔවුන්ට ත්‍යාග සහ සහතික පිරිනැමීම 2011 වර්ෂයේ සිදුකරන ලදී.  මෙම වැඩසටහන ක්‍රියාත්මක කළ ගොවි පවුල්වල ආදායම 10% කින් පමණ වැඩිවී ඇත.

 

1.2     දිවිනැගුම ශක්තිමත් කිරීෙම් යටිතල පහසුකම් සංවර්ධන ව්‍යාපෘති

 

දිවිනැගුම සංවර්ධන වැඩසටහන යටතේ, ග්‍රාමීය ආර්ථිකය ශක්තිමත් කිරීම සඳහා පාදක වන යටිතල පහසුකම් සංවර්ධනය කිරීෙම් ව්‍යාපෘති දක්‍ෂිණ බල ප්‍රදේශය තුළ ක‍්‍රියාත්මක කිරීම මෙම වර්ෂයේදී සිදුකරන ලදි.

 

 

ඒ යටතේ, ග්‍රාමීය කෘෂි කාර්මික මාර්ග සංවර්ධනය, ග්‍රාමීය වාරිමාර්ග පද්ධතීන් නවිකරණය කිරීම, පොදු පහසුකම් ගොඩනැගිලි ප්‍රතිසංස්කරණය කිරීම, පොදු අලෙවිසැල් හා ක්‍රීඩාපිටි සංවර්ධනය, උස්සාන ජල ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම හා ග්‍රාමීය පානීය ජල ව්‍යාපෘති ක‍්‍රියාත්මක කිරීම සිදුකරන ලදි.

 තෙඵල්ල වැව ප‍්‍රතිසංස්කරණය

                            සියඹලාණ්ඩුව පහතඅරාව අමුණ ඉදිකිරීම

 

මීට අමතරව හම්බන්තොට දිස්ත්‍රික්කය තුළ පමණක් අඩු ආදායම්ලාභී ස්ථිර නිවාස නොමැති පවුල් ඒකක සඳහා නිවාස 400 ක් ඉදිකිරීම සිදුකරන ලදි.

ඉහත සඳහන් ව්‍යාපෘතිවලට අදාලව ඒ ඒ දිස්ත්‍රික් මට්ටමින් පහත සඳහන් පරිදි මූල්‍ය හා භෞතික ප්‍රගතියත්, මෙම වසර තුළ ළගාකරගැනීමට හැකිවිය.

දිස්ත්‍රික්කය

ව්‍්‍යාපෘතිය

භෞතික ප්‍රගතිය

ප්‍රතිලාභීන් සංඛ්‍යාව

2011-12-31 දිනට වියදම

දායකත්වය

 

ගාල්ල ග්‍රාමීය මාර්ග ප්‍රතිසංස්කරණය කි.මී. 6.09 ක් දුර කොන්ක්‍රීට් කිරීම (මාර්ග 43) 43957 24.213 11.634
ඇල මාර්ග ප්‍රතිසංස්කරණය ඇල මාර්ග 08 1066 1.245 0.6
පොදු පහසුකම් ප්‍රජාශාලා 02 1765 2.394 0.9
මාතර ග්‍රාමීය මාර්ග ප‍්‍රතිසංස්කරණය කි.මී. 4.7(මාර්ග 25) 37762 25.861 12.194
ඇල මාර්ගල පැති බැමිල ඇනිකට් කි.මී. 1.2 (ව්‍යාපෘති 15) 6772 1.382 2.653
බස්රථ නැවතුම් අංගන හා ක්‍රීඩාපිටි සංවර්ධනය 02 3701 10.415 2.462
මොණරාගල ග්‍රාමීය මාර්ග ප‍්‍රතිසංස්කරණය කි.මී. 22 ක් දුර සංවර්ධනය කිරීම (මාර්ග 17) 17116 13.784 7.081
ඇල මාර්ගල පැති බැමි හා පාලම් ඇල මාර්ග 03සපත්තු පාලම්  1පැති බැමි 1 1405 2.91 0.61
සංචාරක බංගලාව හා කාර්යාල ගොඩනැගිල්ල නවිකරණය ගොඩනැගිලි 02 750 - 0.08
සුඵ වාරිමාර්ග ව්‍යාපෘති ව්‍යාපෘති 17 2232 3.844 2.631
හම්බන්තොට ග්‍රාමීය මාර්ග ප්‍රතිසංස්කරණය කි.මී. 2.01 ක් දුර කොන්ක‍්‍රීට් කිරීම(මාර්ග 21) 13630 13.582 5.618
ඇල මාර්ග, පෙට්ටි බෝක්කු හා පැති බැමි ඇල මාර්ග 21(දුර 6.1) පෙට්ටි බෝක්කු හා පැති බැමි 05 7130 14.632 6.233
පොළ සංවර්ධනය 01 1500 0.739 0.204
උස්සාන ජල ව්‍යාපෘති 03 140 1.115 0.281
වැව් ප‍්‍රතිසංස්කරණය 04 527 1.522 0.165
පානීය ජල ව්‍යාපෘති 01 45      0.5       0.1

එකතුව

118.138 53.446

ග්‍රාමීය කෘෂිකාර්මික මාර්ග සංවර්ධනය යටතේල තෝරාගත් ගම්මානවල ජනතාවගේ ආර්ථිකය ශක්තිමත් කිරීම සඳහා ඍජුව දායකත්වය සපයන හා කෘෂිකාර්මික ඉඩම්, ග්‍රාමීය කුඩා කර්මාන්ත ආදිය සඳහා ප‍්‍රවෙ‘ශකත්වය පහසු කරන, එමෙන්ම ග්‍රාමීය දරු දැරියන්, තරුණ තරුණියන් හා වැඩිහිටියන්, සංවර්ධනය වන ලෝකයේ නව මංපෙත්කරා අනලස්ව යොමුවීම සඳහා පහසුකම් සලසන ඉහළ ප්‍රමුඛත්වයක් ඇති මාර්ග සපත්තු පාලම, අබලන් බෝක්කු හා කුඩා පාලම්, පැති බැමි ආදිය සංවර්ධනය කිරීම සිදුකරන ලදි.

 

මෙමගින් ජාතික ආර්ථිකයට දකුණේ දුෂ්කර ගම්මානයන්ගෙන් එකතුවන නිෂ්පාදනයන් ප්‍රමාණාත්මකව හා ගුණාත්මකව ක‍්‍රමිකව වැඩිවීමත්, එම ජනතාවගේ අධ්‍්‍යාපන හා ජීවන මට්ටම ඉහළ නැංවීමත් සිදුෙව්. ග්‍රාමීය වාරිමාර්ග පද්ධතීන් නවිකරණය යටතේ ජල බස්නා ඇල මාර්ග ප‍්‍රතිසංස්කරණය කිරීමත්, කුඩා වැව් ඉදිකිරීම හා ප්‍රතිසංස්කරණයත්, විශේෂයෙන්ම හම්බන්තොට දිස්ත්‍රික්කයේ කුඩා වැව් සම්බන්ධිත නව ඇල මාර්ග පද්ධතීන් ඉදිකිරීමත් හා උස්සාන ජල ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමත් සිදුකරන ලදි. මෙමගින් කුඹුරු අක්කර 1310 ක් පමණ ඉදිරි කන්නයේදී ඵලදායි වගාව සඳහා යෙදවීමට අවස්ථාව සැලසී ඇත. එසේම හම්බන්තොට දිස්ත්‍රික්කයේ ක්‍රියාත්මක කරන ලද නව ඇල මාර්ග පද්ධති සංවර්ධනය මගින් මීට අමතරව ගොඩ ඉඩම් අක්කර 120 ක් පමණ නව වගාව සඳහා යෙදවීෙම් අවස්ථාව හිමිව ඇත.

 

4.3.    ජාතික සවිය – ගමනැගුම අඩුආදායම්ලාභී නිවාස ව්‍යාපෘතිය (විශේෂ ව්‍යාපෘති)

 

හම්බන්තොට දිස්ත‍්‍රික්කයේ ක‍්‍රියාත්මක කරන ලද නිවාස ව්‍යාපෘතිය මගින් තෝරාගත් අඩු ආදායම්ලාභී පවුල් සඳහා නව නිවාස 398 ක් ඉදිකිරිම් ආරම්භ කරන ලදි. පවුල් ඒකකයන්ගේ සියථ සාමාජිකයන් සම්බන්ධ කරගනිමින්, අදියර වශයෙන් නිවාස ඉදිකිරිම් මෙම ව්‍යාපාතිය යටතේ සිදුකරන ලද අතර, වර්ෂය අවසාන වන විට රුග 44,106,000.00 ක මූල්‍්‍යය ප්‍රගතියක් ලබාගනිමින් නිවාස 373 ක් වහළ ගැසීම අවසන් කරන ලද අතර, ඉන් නිවාස 373 ක් ඉදිකිරීම් නිමකරන ලදි.  ව්‍්‍යාපෘතියේ අනෙකුත් නිවාස වල සියථ ඉදිකිරිම් 2012 මාර්තු මාසය වන විට අවසන් කිරීමට සැලසුම් කර ඇත.

 

 මහඅථත්ගම්ආර වම්ඉව්ර ලුණුගම්වෙහෙර

 

එස්. එස්. ජයලත් මහතාගේ නිවස

 

 

4.4.    2011 වර්ෂයේ ආදායම් උත්පාදක ව්‍යාපෘති

 

ශ්‍රී ලංකා දක්‍ෂිණ සංවර්ධන අධිකාරී පනතේ ප්‍රධාන අරමුණ වන නිෂ්පාදනශීලිත්වය ඉහළ නැංවීම, ආදායම් උත්පාදනය සහ රැකියා උත්පාදනය මූලික කරගනිමින් ස්ථාපිත කරන ලද ව්‍යාපෘති කිහිපයකි.  ඉන් මාතර දිස්ත්‍රික්කයේ ස්ථාපිත කරන ලද ව්‍්‍යාපාති තුලින් ශ්‍රී ලංකා දක්‍ෂිණ සංවර්ධන අධිකාරිය           රු. 1,962,379.00 ක ආදායමක් ඉපැයූ අතර, 76 දෙනෙක් සඳහා සෘජු රැකියා උත්පාදනය කිරිම තුලින් ප්‍රතිලාභීන් 306 කට පමණ ජීවනෝපාය සැලසී ඇත.  තවද, ඇඹිලිපිටිය ව්‍්‍යවසායක කේන්ද්‍රයේත්, හම්බන්තොට, තමාඩුව කොහු ආශ්‍රිත නිෂ්පාදන ව්‍්‍යාපෘතියට සහ බුත්තල කාර්මික ජනපදයේ ස්ථාපිත කර ඇති ව්‍්‍යාපෘති මගින් 2011 වර්ෂයේ රු. 323,818.00 ක ආදායමක් උපයාගත් අතර, 205 දෙනෙකුට රැකියා අවස්ථා ලබාදිය හැකි විය.

 

මෙම ව්‍්‍යාපෘති සියල්ල සඳහා ශ්‍රී ලංකා දක්‍ෂිණ සංවර්ධන අධිකාරිය කර්මාන්ත ස්ථාපිත කිරීමට අවශ්‍ය මූලිකම නිෂ්පාදන සාධකය වන ඉඩම් හා ගොඩනැගිලි සපයාදිම සිදුකරන ලදී.

 

4.5.    පස් අවුරුදු සංස්ථාපිත සැලැස්ම ක්‍රියාත්මක කිරිම

 

ගමනැගුම වැඩසටහනට අමතරව ශ්‍රී ලංකා දක්ෂිණ සංවර්ධන අධිකාරිය විසින් සිය සංස්ථාපිත සැලැස්මේ අන්තර්ගත යෝජනා කෙරෙහි ද සැලකිල්ල දක්වමින් පසුගිය වසර වල මූලික කටයුතු ආරම්භ කර තිබූ මධ්‍්‍ය පරිමාණ ව්‍යාපෘතීන් ක්‍රියාත්මක තත්වයට ගෙන ඒම සඳහා දැඩි කැපවීමක් කරන ලදී. එම ව්‍යාපෘතීන් අතරින් ප්‍රධාන ව්‍යාපෘති කිහිපයක් පහතින් දක්වා ඇත.

 

  • වලස්මුල්ල හඳුගල තේ කර්මාන්ත ශාලාව නැවත ආරම්භ කිරීම

 

මෙම කර්මාන්ත ශාලාව නැවත ආරම්භ කිරීම සඳහා අධිකාරිය විසින් කර්මාන්ත ශාලාව පිහිටි ඉඩම අත්පත් කරගැනීමට අදාල සියථ සම්බන්ධීකරණ කටයුතු කිරීමල කර්මාන්ත ශාලාව අවට මාර්ග පද්ධතිය වැඩිදියුණු කිරිම, කර්මාන්ත ශාලාව සඳහා විදුලිය සැපයුම ලබාදීම වැනි සියලු යටිතල පහසුකම් ඇති කරන ලද අතර, කර්මාන්ත ශාලාව පවත්වා ගෙන යාෙම්  කටයුත්ත  “යෝල්ටා” නැමති පෞද්ගලික ආයෝජකයෙකුට පවරන ලදී.

 

මෙම කර්මාන්ත ශාලාව ආරම්භ කිරීම නිසා ප්‍රදේශයේ තේ දථ සපයන කුඩා ගොවීන් 1065 ගේ පමණ ජීවන වෘත්තිය සුරක්ෂිත වන ලදී.  මෙම කර්මාන්ත ශාලාව මගින් දෛනිකව තේ දථ කිලෝ 5000 නිෂ්පාදනය කරන අතර, එමගින් උත්පාදන වී ඇති සෘජු රැකියා ප්‍රමාණය දැනට 50 ක් පමණ වන අතර, ඉදිරියේ දී මෙම ප්‍රමාණය තවදුරටත් ඉහළ යනු ඇත. ෙම්  තූලින් වාර්ෂිකව දළ දේශීය නිෂ්පාදනයට මිලියන 40 ක දායකත්වයක්   ලබාදිමට හැකිියාව ඇත.

 

 

  • කඹුරුපිටිය රටලංකාවත්ත ඩ්‍රැගන් ෆෘට්  වගා ව්‍යාපෘතිය

 

ඉඩම්වල ඵලදායීතාවය වර්ධනය කිරීෙම් අරමුණින්, භාවිතයට නොගෙන තිබු ඉහත ඉඩම පෞද්ගලික ව්‍්‍යවසායකයෙක් යටතේ සංවර්ධනය කිරීම සඳහා කටයුතු යොදන ලද අතර, ෙම් වන විට අක්කර 2 ක ඉතා සාර්ථකව ඩ්‍රැගන් ෆෘට්  වගාව කරගෙන යනු ලබයි. සෘජු රැුකියා අවස්ථා 4 ක් සහ වක්‍ර  රැකියා 25 ක් පමණ බිහිව ඇත. මෙය සම්පුර්ණයෙන්ම කාබනික පොහොර යොදා සිුකරන වගාවක් වන අතර, මෙහි නිෂ්පාදනය විදේශ වෙළඳ පොළ මුලික කරගෙන ඇතග  2011 මැයි මාසයේදී ප්‍රථම අස්වැන්න ලබාගැනීමට නියමිතව තිබිණ.

ඒ අනුව, 2011 ජුනි සිට නොවැම්බර් දක්වා කාලය තුළ 8000ණට ක් ප්‍රථම අස්වැන්න වශයෙන් ලබාගෙන ඇත. මෙම කාලය තුළ අපේක්‍ෂිත අස්වැන්න වුයේ 2000 ණට ක් වුවත්, එය 6000ණට වැඩිකර ගත හැකිව ඇත. මින් 2000 ණට දේශීය වෙළඳපොලට කිලෝව රු.400.00 බැගින් අලෙවිකොට ඇත. ෙම් වනවිට අන්තර් ජාතික කාබනික සහතිකයත් (ෑම* ඨකදඉ්ක ඨ්ඡු ක්‍ැරඑසසෙජ්එැ ලබාගැනීමටත් කටයුතු කර ඇත.

 

  • ඇඹිලිපිටිය ව්‍යවසායක කේන්ද්‍රය

 

පුද්ගලික ආයෝජන දිරිගැන්වීෙම් අරමුණින් අතහැර දමන ලද ගොඩනැගිලි 6 ක් ප්‍රතිසංස්කරණය කොට සාර්ථක ව්‍යාපෘති 04 ක් ක‍්‍රියාත්මකකර ඇත. ඒ තුලින්, ව්‍්‍යවසායකයින් සිව් දෙනෙකුට ජීවන මාර්ග සාදා දීමට හැකිවිය.

 

‍බේකරි නිෂ්පාදන ව්‍යාපෘතිය

වානේ ගෘහ භාණ්ඩ සහ කාර්යාලයීය උපකරණ නිෂ්පාදන ව්‍යාපෘතිය

මුද්‍රිත මාධ්‍යයෙන් ප්‍රචාරණ කටයුතු කිරීෙම් ව්‍යාපෘතිය

පරිගණක ආශ්‍රිත මුද්‍රණ කටයුතු

මෙමගින් රැකියා අවස්ථා 120 ක් පමණ බිහිව ඇත. ඉහත සඳහන් ආයෝජකයින් සිව් දෙනාගේ ආර්ථික කටයුතුවල ප්‍රතිඵලයක් වශයෙන්, ර ටේ දළ දේශීය නිෂ්පාදනයට රු.මි. 20 ක වටිනාකමක් එකතුවේ.

 

 

  • අත්හැර දමන ලද තමාඩුව පාසල් ගොඩනැගිල්ල

 

මෙම ගොඩනැගිල්ල වසර ගණනාවක් තිස්සේ පාවිච්චියට නොගෙන අනාර්ථිකව පැවති අතර, ශ්‍රී ලංකා දක්‍ෂිණ සංවර්ධන අධිකාරියේ සම්බන්ධීකරණයෙන් කොහු ආශ්‍රිත නිෂ්පාදන කරනු ලබන ව්‍යවසායකයෙක් හදුනාගෙන ඔහු වෙත වාර්ෂික බදු පදනම මත මෙය ලබාදෙන ලදී.

5.  සමස්ථ කාර්යසාධනය

ශ්‍රී ලංකා දක්ෂිණ සංවර්ධන අධිකාරිය මගින් 2011 වර්ෂයේ ක‍්‍රියාත්මක කරනු ලැබු සංවර්ධන ව්‍යාපෘතින්හි  සමස්ථ කාර්්‍යයසාධනය පිළිබද විග‍්‍රහය කිරීෙම්දී වත්මන් රජයේ ප්‍රමුඛතම සංවර්ධන වැඩසටහන් වන  “දිවිනැගුම” ගෘහස්ථ ආර්ථික ඒකක නංවාලීෙම් වැඩසටහන හා  “ජාතික සවිය – ගමනැගුම” වැඩසටහනට මෙම වසරේ මූලිකත්වය ලබාදෙමින් සියලු වැඩසටහන් ඉතා සාර්ථකව ක්‍රියාත්මක කරන ලදි.  මෙම කාර්යය තවදුරටත් ඉටුකිරීම සඳහාල 2011 වර්ෂයේද රුපියල් මිලියන 300.5 ක මූල්‍ය ප්‍රතිපාදන මහා භාණ්ඩාගාරය වෙතින් මෙම අධිකාරිය වෙත වෙන්කර දෙන ලදී.  එම මූල්‍ය ඉලක්කයෙන් රුපියල් මිලියන 152.26 ක් 2011 වර්ෂය තුල වැය කිරීමට හැකි විය (ඇමුණුම්-01),  මෙලෙස 50.67% ක මූල්‍ය ඉලක්කයක් සපුරාගැනීමට හැකිවීම සහ 51‍්‍ර ක භෞතික ප‍්‍රගතියක් ලබාගැනීමට හැකිවිමද අප ලද විශාල ජයග්‍රහණයක් වන අතර, මෙම ප්‍රගතිය දිස්ත්‍රික් වශයෙන් පහත ආකාරයට දැක්විය හැකිය. (ඇමුණුම් අංක 02 ,03 ,04 ,05)

 

 

 

ඉහත ආකාරයට ශ්‍රී ලංකා දක්ෂිණ සංවර්ධන අධිකාරිය මහා භාණ්ඩාගාර ප්‍රතිපාදන ලබාගනිමින් 2011 වසරේද  “දිවිනැගුම” ගෘහස්ථ ආර්ථික ඒකක නංවාලීෙම් වැඩසටහන හා  “ජාතික සවිය – ගමනැගුම” වැඩසටහන තුලින් අධිකාරියේ දැක්මෙහි සදහන් පරිදි, තරුණ තරුණියන්හට ආකර්ශණීය හා අභියෝගාත්මක ඉඩප්‍රස්ථා සලස්වමින් ෙව්ගවත්ව වර්ධනය වන ආසියානු පැසිෆික් කලාපයට පිවිසුම්  මාර්ගයක් ලෙස මෙම ප්‍රදේශය විවෘත කරමින් පාරිසරික ලෙස ධරණීය සහ සංස්කෘතිකමය වශයෙන් උද්දීපනය වූ පරිසරයක් තුළ ආර්ථික වශයෙන් සමෘද්ධිමත් වූ දක්‍ෂිණ ලංකාවක් නිර්මාණය කිරීම සදහා අවශ්‍යය ධෛර්්‍යය හා ශක්තිය පවුල් ඒකකයන් තුලින් ගම්‍ය කරවිමට අවශ්‍යය තවත් කඩඉමක් පසු කර ඇත.

ෙම් අනුව සමස්ථයක් වශයෙන් සලකා බලන විට ශ්‍රී දක්‍ෂිණ සංවර්ධන අධිකාරිය  “ජාතික සවිය – ගමනැගුම” ව්‍යාපෘතිය දක්‍ෂිණ ප‍්‍රදේශයේ මෙහෙයුම්කරු ලෙස ක්‍රියාත්මක කිරිම හේතුකොට ගෙන සමස්ථ සංවර්ධන ක්‍රියාවලියෙහි දිවිනැගුම වැඩසටහනට සමගාමීව ග්‍රාමීය ආර්ථිකය ශක්තිමත් කිරීම සඳහා පාදක වන එනම්  ගෘහස්ථ ආර්ථික ඒකක සංවර්ධන වැඩසටහන ශක්තිමත් කිරීෙම් යටිතල පහසුකම් යන සියථ ප‍්‍රවෙ‘ශයන් සම්බන්ධව තෝරාගත් ගම්මාන වල ග්‍රාමීය ජනතාවගේ  “අඳුරෙන් එළියට” යන සංකල්පය යටතේ විශාල පුනර්ජීවනයක් ඇතිකිරීමට හැකිවිය. ෙම් අනුව 2011 වර්ෂයේදී දක්‍ෂිණ ප්‍රදේශය තුල ජිවත් වන ග්‍රාමිය ජනතාවගේ ආර්ථිකය ඉහළ නැංවීමට ප‍්‍රමුඛත්වය දී ක්‍රියාකිරීමට හැකිවීම ශ්‍රී ලංකා දක්ෂිණ සංවර්ධන අධිකාරිය ලද තවත් ජයග්‍රහණයකි.

 

 

 

 

 

විමසිම්

ලිපිනය                      අංක 15, මාතොටගම, වල්ගම උතුර,‍ මාතර

දුරකථන                    (9441)2230505/2220076

ෆැක්ස්                        (9441) 2227922

විද්‍යුත් තැපැල            sdaho1@yahoo.com ictsdaho@gmail.com

වැඩි විස්තර සඳහා පිවිසෙන්න: www.sda.lk