නවතම පුවත්

ශ්‍රී ලංකා සංචාරක හා හෝටල් කළමනාකරණ ආයතනය

ශ්‍රී ලංකාව තුළ නවීන සංචාරක ව්‍යාපාරය අරම්භ වූයේ 1966දීය. එතැන් සිට එය ප්‍රමුඛ ව්‍යාපාරයක් ලෙස 15,000කට පමණ රැකියා සපයමින් ව්‍යාප්ත වී ඇත. මෙම ව්‍යාපාරය ආදර්ශමත් සේවාදායකයකු ලෙස සේවකයින්ට නොයෙකුත් අමතර වාසි සලසා ඇත.

ඔබ මිනිසුන් සමඟ වැඩ කිරීමට කැමති නම්, ලෝකයේ නොයෙක් පළාත්වල මිනිසුන් හමුවීමට ඔබ සතුටු නම්, දීප්තිමත් වෘත්තියක් සඳහා සංචාරක ව්‍යාපාරය කදිම අවස්ථාවක් . එය ආරම්භ කිරීම සඳහා හොඳම ස්ථානය ශ්‍රී ලංකා සංචාරක සහ හෝටල් කළමනාකරණ ආයතනයයි. එහිදී ඔබගේ වෘත්තිය ආරම්භ කිරීම සඳහා ඉතා හොඳ පුහුණුවක් ලබා ගැනීමට පිළිවන. හොටල් කර්මාන්තය පිළිබඳ පුහුණුව ලැබීමට ඇති රජයේ පිළිගත් එකම ආයතනය ශ්‍රී ලංකා සංචාරක සහ හෝටල් කළමනාකරණ ආයතනයයි. 1964 වසරේදී රජය විසින් ස්ථාපනය කරන ලද  ශ්‍රී ලංකා සංචාරක සහ හෝටල් කළමනාකරණ ආයතනය තරුණ තරුණියන්ට ආගන්තුක සත්කාර සහ සංචාරක ‍ක්ෂේත්‍රය පිළිබඳ පුහුණු විමට ඇති ආයතනයයි.

වැඩි විස්තර සඳහා පිවිසෙන්න: www.slithm.edu.lk